Monday, April 29, 2024
Follow Us
මිනිසුන්ව අතහැරීම... ?☸?

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක.


ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය.
ආවට ගියාට මිනිසුන්ව අතහැරලා දාලා අතරමං කරන්න නෙමෙයි! ඔයාට ගරුත්වයක් ලබා නොදෙන, ඔයාව අවිශ්වාස කරන, සහ වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව අතහැර දැමීම..
ඒ අනතුරු ඇඟවීමට පස්සේ තවදුරටත් එතනම එල්ලිලා ඉන්නවාද, වෙනස් වෙනවද කියන කාරණාව ඔයාට බාරයි! ගහ මරා ගන්න උවමනා නැහැ.. පණිවිඩය තේරුම් අරගෙන පැත්තකට වෙන්න! ඒ වගේම පෙර තිබුණු ගෞරවය තවදුරටත් ඔවුන්ට නොලැබෙන බව පමණක් දැනෙන්නට හරින්න! නිදහසේ ගමන යන්න...
සමහරවිට අනාගතයේදී ඔවුන් කියාවි ඔබ වෙනස් වෙලා කියලා. ඒවට උත්තර දීමට යා යුතු නැත. කිමදයත් ඔබේ එම වෙනස යනු ඔවුන්ගේ වෙනසට ඔබෙන් ලැබුණු හුදෙක් එක් ප්‍රතිචාරයක් පමණක් බව ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒ වන විටත් දන්නා නිසාවෙනි....
වැල්ලව අමිත හිමි✍ .