Saturday, November 23, 2024
Follow Us
තමන් තමන්ම වෙන්න

මම මගේ ආචාර්ය උපාධියෙන් පසු විවාහ වුනා. බිරිඳ බොහොම නිදහසේ හැදුන කෙනෙක්. ඇගේ මව ඉන්දියානු සහ පියා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඇය ඉතාමත් නිදහස් චරිතයක් බ්‍රිතාන්‍ය ජාතිකයන් වගේ. ඇයට ආගමක් තිබුනේ නෑ. ඇය ඉතාමත් රූමත්. ඇදුම පැලදුම බ්‍රිතාන්‍යයන් වගේ. මම ඇයට ඉතාමත් කැමතියි නමුත් මම කැමති ඉන්දියානු කෑම සහ ඉන්දියානු ඇදුම් වලට. කොටින්ම මම ආසයි එයත් මගේ මව වගේ වෙනවට.


අපිට ඉක්මනට ලමයෙක් ලැබුනා. ඇගේ ආශාවක් තිබුනා මනෝ උපදේශකවරියක් වෙන්න. නමුත් මගේ පර්යේෂණ නිසා කාර්‍යබහුල වීමත් එක්ක ඇයට අගේ හීනය අත අරින්න සිදු උනා. මට ඒ ගැන ලොකු හැගීමක් තිබුනේ නෑ. ඇය දැන් සම්ප්‍රදායික ඉන්දියානු කාන්තාවක්. මගේ මව වගේම ගෙදර වැඩ සියල්ල කලේ ඇය. අපි හරි ආදරෙන් හිටියා. මම එහෙම හිතුවා. සති අන්තයේ අපි සංචාරය කරා. ඒවත් මම යොදා ගත්තේ මගේ රජකාරියට පහසු වෙන විදියට. ඇයත් ඉතා ලස්සනට හිටියා. මම හිතුවා ඇය සතුටෙන් කියලා.
ඇය කවදාවත් මගේ අඩුපාඩුවක් කිව්වෙත් නෑ. ගෙදර සාමකාමී නමුත් මම කවදාවත් දැකලා තිබුනේ නෑ ඇය කොයිතරම් වැඩ කරනවද කියලා. නිතරම මම යාලුවන්ට කිව්වෙත් වයිෆ් ගෙදර නිකන් ඉන්නෙ කියලා. මම එයා කරන වැඩ නොදැක්කද නොමැතිනම් නොදැක්ක විදියට හිටියද කියලා මට තෙරෙන්නෙ නෑ. දවසක් මම ගෙදර එනකොට දැක්කේ වෙනදා දකින ගෙදර නෙවෙයි. බිරිඳ දරුවත් එක්ක රූපවාහිනී නරඹනවා. ඔවුන් Nando's Chicken ගෙනත් කනවා. එය ඇගේ ප්‍රියතම කෑමක්. ගෙදර අපිරිසිදුයි. ඇදුම් හැමතැනම. කුස්සියේ කාපු පිගන් පුරවලා. මට තරහයි. ඔලුව රිදෙනවා. වෙනදා ගෙදර මෙහෙම නෑනෙ. මම ඇගෙන් ඇහුවා;
"මොකක්ද වෙලා තියෙන්නේ? මහන්සි වෙලා ආවම ගෙදර දැක්කම ඔලුවෙ කැක්කුම හැදෙනවා."
"එහෙමද? මේ තමයි ගෙදර හැටි. ඔයා යාලුවොන්ට කියනවනේ මම නිකන් ඉන්නෙ කියලා. ඉතින් මම ඇත්තටම නිකන් හිටියා එහෙම උනාම කොහොමද බලන්න"
මට එදා තමයි තේරුනේ කාන්තාවක් කොයිතරම් වැඩ කරනවද කියලා. ඒකයි මම කිව්වෙ තමන් යම්කිසි දෙයක් දිහා බලන්නෙ තමන්ගේ මනසට සාපේක්ශව කියලා.
අද මගේ බිරිඳ මනෝ උපදේශිකාවක්. පුතා විශ්ව විද්‍යාලයක නීතිය ඉගෙනගන්නවා. කනගාටුව ඇය තමන්වම නැති කරගෙන හිටියේ පවුල වෙනුවෙන්. මට තේරුණේ නෑ ඇත්තම කිව්වොත් තේරුම් ගන්න උත්සාහ කලේත් නෑ. මොකද මගේ හිතේ තිබුන පව්ල කියන සංකල්පය තමයි සැමියා රැකියාව කරනවා බිරිඳ ගෙදර බලාගන්නවා. ඕක තමයි මම පොඩි කාලෙ ඉදන් දැක්ක පව්ල.
නමුත් ගෑනුලමයි, පවුල වෙනුවෙන් ඔබ ඔබම මරාගන්න එපා. ඒ වගේම පිරිමි ලමයි පව්ලේ වැඩ වලට උදව් වෙන්න. හැගීම් බෙදාගන්න. කතා කරන්න ඉඩ හදාගන්න. පව්ලේ වගකීම එක්කෙනෙකුට නෙවෙයි දෙන්නටම. ලමයි බලාගැනීම මවගේ පමනක් රාජකාරියක් නෙවෙයි. ඒ පවුල දෙන්නගෙම. ඉතින් ඔබට හැකි පමන සහය වෙන්න. එය බිරිඳට උදව්වක් නෙවෙයි. එය ඔබගෙත් යුතුකමක්. සහයෝගයෙන් තමන්ගේ හීනෙට යන්න. මෙහෙම කිව්වා කියල ගෑනුලමයි සැමියා ගෙදර එනකන් ඉන්න එපා වැඩ ටික කරගන්න.
තමන් තමන්ම වෙන්න. වටිනාකම් ලග වෙනස් උනත් සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක් වෙන්න එපා. ඔබට ජය.
Nilmini Samantilleke ✍️✍️