Wednesday, May 01, 2024
Follow Us
ජීවිතය ගැන කලකිරෙන දවස් තිබුනාට කමක් නැහැ..!

දවස් ගාණක් හිතේ අමාරුව හිතේ තියන් ඉන්න දේවල් ගැන හිත හිත රෑ එළි වෙනකන් හිටියාට කමක් නැහැ.


හිත ඇතුලේ තියෙන බර හැගීම් දරාගන්න බැරුව ඇඬුවාට කමක් නැහැ.
ඔයාව හදපු අතීතයේ ලස්සන දේවල් මතක් කරගත්තට කමක් නැහැ.
ඔයාගේ ජීවිතයේ සමහර දේවල් ඔයා බලාපොරොත්තු වන ආකාරයට ක්‍රියාත්මක නොවන විට බලාපොරොත්තු සුන් වූවාට කමක් නැහැ.
හිතට හරි නෑ කියලා හිතුණට කමක් නැහැ.
ඇත්තටම කලකදී ලැබුන සතුට දැන් ඔයාගේ දුකට ප්‍රධාන හේතුවක් වෙලා. ගැඹුරින් හැමදේම දැනෙන එක මනුෂ්‍ය ගතියක්. දුකට නිශ්චිත කාල සටහනක් නැති උනත් කරුණාකර වැඩි කාලයක් දුක් වෙන්න එපා. ඔයාගේ සතුට නැති කරන දේවල් මත රැඳී සිට නාස්ති වන කාලය අපරාදේ නිසා. ඒ වගේම ඔයා මේ ලෝකය තියන සියලු ප්‍රීතියට සුදුසු නිසා.
මෙතරම් වසර ගණනාවකට පසුවත් ඔයා ඔයාව හසුරුවන ආකාරය ගැන ආඩම්බර වෙන්න.
ඔයා කතා නොකරන අභ්‍යන්තර සටන් කීයක් සටන් කළද, තවමත් ඔයා ඔයාගේ ජීවිතය සෑම විටම පණ දී තබා ගැනීමට සමත් වූ බැවින් ඔයා ගැන ඔයා ආඩම්බර විය යුතුයි.
ඔයාගේ ආදරණීයන්ට ඔයාව අවශ්‍ය වෙලාවේදී ඔයා ඔහුන් ලඟ සිටියා, ඔයාගේ පිළිකුල් සහගත සිතුවිලි නිසා ඔයා නිරතුරුවම සිතින් කඩා වැටී ගියත්, ඔයා තවමත් නැඟිට ඒවාට මුහුණ දෙන බැවින් ඔයා ගැන ඔයා ආඩම්බර විය යුතුයි.
ජීවත් වෙන්න ඔයා ලඟ හේතු නැති උනත් ඔයා ජීවිතය අත් නොහරින නිසා ඔයා ගැන ආඩම්බර විය යුතුමයි...!
©අංජා ලියනගේ