Wednesday, May 01, 2024
Follow Us
ඔයා දන්නවාද ඔයාගේ අවමංගල්‍යයෙන් පස්සේ සිදුවන දේ?

පැය කිහිපයකින් සියලු හඬා වැටීම් නතර වේවි. පවුලේ අය අවමංගල්‍යයට ආ නෑදෑයන් සහ මිත්‍රයන්ට කන්න බොන්න කෑම බීම ලෑස්ති කරයි. සමහර නෑදෑයෝ යාළුවො වර්තමාන සිදුවීම්, දේශපාලනය සම්බන්ධව සාකච්ඡා කරන්න සූදානම් වෙයි. සමහරක් මිනිස්සු දුරකථන ඇමතුම් ලබා දෙයි හදිසි රාජකාරියක් හින්දා එයාලට පැමිණීමට නොහැකි වූ බව කියන්න. පවුලේ තව කෙනෙක් තර්ක කරන්න ගනීවි අවමංගල්‍ය සඳහා වැඩියෙන්ම වියදම් කරේ මමයි කියලා.


කෙමෙන් කෙමෙන් හැමෝම විසිර ගිහිල්ලා තම තමන්ගෙ පාරවල්වල ගමන් කරන්න පටන් ගනීවි. දින කීපයකින් ඔයාගේ පවුලේ අය තම රැකියා වලට යන්න පටන් ගනීවි. රැකියා ස්ථාන හිමිකරු ඔබ වෙනුවට සේවයට කැඳවීමට තව කෙනෙකු හොයාගනීවි. රටේ මැතිවරණ පැවැත්වෙයි. අපචාර දූෂණ සිදුවෙයි. මාර්ග තදබදය පවා එහෙමම තියේවි cricket match, football match, world cup මේ හැම දෙයක්ම සැලසුම් කරපු විදියටම සිද්ධ වේවි. මාසයක් දෙකක් යනකොට ඔයාගෙ ගෙදර අය පවා රූපවාහිනි හාස්‍යජනක වැඩසටහන් බල බල හිනා වේවි.
ඔයාගේ අවුරුද්ද දානය දවසට “අවුරුද්දක් යනවා දැනුනෙවත් නෑ” කියලා බොහෝ අය කියාවි. ඔයාගේ සුසානය ඔයා දකින අනිත් සුසාන වගේම වල් බිහිවී පාලුවට යාවි. හැම කෙනෙක්ගෙම ජීවිත සාමාන්‍ය විදිහට ගත වේවි. ඇසිල්ලක නිමේෂයකින් වසරින් වසර ගෙවී යාවි. ඉතාම සුළු පිරිසකට විතරක් කලාතුරකින් ඔබව මතක් වේවි.
මිනිස්සුන්ට මෙච්චර ලේසියෙන් හා ඉක්මනට ඔබව අමතක කරන්න පුළුවන් නම් ඇයි ඔයා මුළු ජීවිත කාලෙම අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා ගත කරේ? ඔයා හිතන විදිහට එයාල ඔයා ගැන හිතුවේ නැහැ වගේම හිතන්නෙත් නැහැ. ඒ නිසා ජීවත්වන කාලේ තමන්ට ඕනි විදිහට ජීවත් වෙන්න.
#copied