Wednesday, May 01, 2024
Follow Us
"ටැටූ ගහපු හිපි සුද්දෝ සුද්දියෝ සෙට් එකක් නේද?"

ඔව් මේ ටැටූ ගහලා හිපියෝ වගේ ඉන්න සෙට් එක අද අහංගම ලංකාවේ ඉන්න නෝනා මහත්වරැ කාලා බීලා පාරට විසි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයක ආරක්ෂිත ක්‍රමවේදයක් එකතු කරා.. ❤️


මේ ඉන්නේ ලොව පුරා විසිරී සිටින ටැටූ ආර්ටිස්ලා එකතුවක් ..
මෙච්චර කුණු ඇලවල් වල බැහැගෙන වෙන රටකට ඇවිත් මේ වගේ දෙයක් කරන්නේ ස්භාවධර්මයට ආදරේ මිනිස්සු නිසා ..
විනය කියන්නේ ඒකට විනය කියන එකෙන්
හැදෙන්නත් ඕන පරිසරයට ආදරය කරන මනුස්සයෙක් , ඒකට පොඩි කාලේ ඉදන් පාසලේ විනය හදනවා කියලා හැදෙන්න ඕන කොණ්ඩෙ රැවුල කලිසම ගවුම නෙවෙයි , රටට ලෝකයට තමන්ගේ යුතුකම ඉටුකරන මනුස්සයෙක්.... ,,
ඒ වගේම මනුස්සයෙක් ජජ් වෙන්නත් ඕන ඇදුමින් පැලදුමින් ⁣රූපයෙන් නෙවෙයි ක්‍රියාවෙන් , ඒක බුදු දහමෙත් සදහන් වෙනවා ..
රෙස්පෙක්ට් කොල්ලනේ කෙල්ලනේ ,
ඔබත් මේ වගේ අයට කරන හොදම රෙස්පෙක්ට් එක පරිසරයට පොඩි ටොපි කොලයක්වත් විසිනොකර
ඉන්න එක.. ❤️ ??
#Accidentprevention1st