Wednesday, May 01, 2024
Follow Us
නළුකම ඉගැන්විය හැකිද..?

අලුත්ම ට්‍රෙන්ඩ් එක "ඉගෙනගෙන රඟපාන්න" ..මුහුණ පොත පුරාම රඟපාන්න උගන්වන්න උපන් සක්විතිලා ගෙන් පිරි ඇත.. එමෙන්ම බොහෝ තරුණ තරුණියන් රඟපාන්න ඉගෙනගන්න යති.. නළු නිළියන් සිහින ලොවින් බිමට බැස රංගනය උගන්වති.. නටති ,ගයති ,උඩ පනිති,තවත් බොහෝ දේ කරති.. ඛේදාන්තය නං එයම නොව මෙම උගන්නන බොහෝ නළු නිළියන්ට හරියට රඟපාගතවත් නොහැක . එක දිගට දෙබස් කාණ්ඩ තුන හතරක් මතක තියාගැනිමටවත් නොහැක .රඟපාන එක වෙනම වැඩක්.. උගන්වන එක වෙනම වැඩක්.. බොහොමයක් නළු නිළියන් සිටි, අති දක්ෂ රංගන ශිල්පීන්..නමුදු ඉගැන්විය නොහැක..සමහර දක්ෂ ගුරුවරුන් සිටී නමුදු රඟපෑමට නොහැක.. මේ දෙකම කරගත හැකි ඉතා දක්ෂ අතලොස්සක් අප රට තුළ නැත්තා ම නොවේ.. ජයලාල් රෝහන.. ප්‍රසන්නජිත් අබේසූරිය..,සෝමලතා සුබසිංහ ,මහෙන්ද්‍ර පෙරේරා, ගාමිණී හත්තොටුවේගම, කෞෂල්‍යා ප්‍රනාන්දු .මා දුටු දක්ෂතම රංගන ශිල්පින් මෙන්ම දක්ෂතම ගුරුවරුන් ය..එවැනි ගුරුවරුන් අතලොස්සක් වර්තමානයේ ද නැත් තාම නොවේ..(නම් වශයෙන් සදහන් කිරිමට නොහැකිවීම ගැන සමාවන්න) හැබැයි ඔහුන් නළු නිළියන් තනන්නට ඉගැන්වූයේ නැත..


නළුකම යනු ඉගැන්විය හැකි දෙයක්ද.. නළුකම යනු සිත කය මෙහෙයවා කළ යුතු නිර්මාණාත්මක ප්‍රකාශනයකි.. නලුවෙකු වීමට ප්‍රතිභාව ( talent)හා නිර්මාණ වේශය ( inspiration) පමණක් ප්‍රමාණවත් නොවේ..එම ප්‍රතිභාව හා නිර්මාණ ආවේශය නළු කමින් 10/1කි. නළුවාගේ කාර්යය ඉතිරි 10/9 ම අභ්‍යන්තරිකව හැඟීම් හා අන්තර් ඥානය (Feeling and Intution ) තුළින් නළුවා විසින් ගොඩනගා ගත යුතුය..
ඒ සඳහා මතුපිට රඟපෑම වෙනුවට නළුවා ස්වකීය පරිකල්පනය ,පෞද්ගලික අත්දැකීම් ,හා ගවේෂණය තුළින් චරිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගත යුතුය..
එසේනම් රඟපෑම ඉගැන්විය හැකි ද..යම් යම් හැඟීම් ප්‍රකාශන කළ යුතු ආකාරය මෙය යැයි නිශ්චිතව ඉගැන්විය නොහැක.. එසේ කිරීමෙන් රඟපෑමේ අච්චු නිශ්පාදනය කිරීමක් වන බව "ස්ටැනිස්ලාව්ස්කි ගේ රූපණ විධික්‍රමය තුලින් පවසයි.. හැඟීම් රඟපෑමට ඉගැන්විය හැකි ද. නැත , අධ්‍යනය තුළින් නළුවා තම කොටස තුළ ජීවත් කරවීමට අවශ්‍ය මිනිස් ශක්තිය,බුද්ධිය,හා පරිකල්පනය පුබුදුවාලිමයි...
එමනිසා ආදරනීය කොල්ලනි, කෙල්ලනි එක දවසින්, දවස්තුනින්, මාස තුනෙන්, හයෙන් නළු නිළියන් වන්නට උගන්වන නළු නිළියන්ට නොරැවටෙන්න.. රංගන ශිල්පියෙක් වීමට විශාල කාලයක් අත්දැකීම් ලබන්නට අවශ්‍ය ය. නමුදු හොඳ රංගන ශිල්පියෙකුට හොඳ ගුරුවරයකුට ඔබට මග පෙන්වීමක් කළ හැකිය ..ඒ තුළින් ඔබට ගමනක් යා හැක ...ඒ නිසාම ඔබේ සිහිනය සපථ කර ගැනීමට අවබෝධයකින් රංගකලාව උගන්වන ක්‍රමවත් ගුරුවරයෙක් ළඟට යන්න.. දවසින් රංගන වරම් ලබා දෙන business කරුවන්ට නොරැවටෙන්න.. මංද ඔය රංගන වරම් ලබාදෙන්න උගන්වන බොහොමයක් දෙනා පෞද්ගලිකව මාහටද inbox මැසෙජ් කර ලියන එකක චරිතයක් ඉල්ලා ඇත.. එවැනි අයගෙන් රංගන වරම් ලබාගන්න යන ඔබට දෙවියන්ගෙම පිහිටය..ඔවුනට රැවටී ඔබගේ කාලය , මුදල ආත්ම ගරුත්වය විනාස නොකර ගන්න.. ක්‍රමවත් රංගන වැඩමුළුවට සහභාගි වී නිසියාකාර ගමනකට මග පෙන්වීමක් ලබා ගන්න.. ඒ සඳහා සථතඅභ්‍යාශයේ නියැලෙන්න..සරලව කියතොත් මේ සමාජයේ ඇස් කන් ඇරගෙන අවබෝදයෙන් ජීවත්වෙන්න. එයම ඇති හොඳ රංගන ශිල්පියෙක් වෙන්න..පරිස්සම් වෙයල්ලා හැමෝම කරන්නේ අපිව රවට්ටන එක.. පුංචිම පුංචි තැන ඉඳලා රටේ මහා තැනට යනකම් කළේ අපේ හීන විකුණන එක.. ඒ හැමෝම සෙල්ලම් කරන්න කරන්නේ අපගේ හැඟීම් එක්ක.. ඒ හන්දම ඇස් කැන් අරගෙන ජීවත් වෙයල්ලා දැන් ඇති අහුවුණා.....❤️❤️
***-සමන්ත කුමාර ගමගේ ******