Wednesday, May 15, 2024
Follow Us
පිරිමියෙක් ගැහැනු ගැන ලියූ වටිනම සටහනක්.

ඇත්තෙන්ම මේ ලියමන වඩා වටින්නෙ පිරිමියෙක් අතින් ලියවුණු නිසා...


කියවන්න..
ගැහැනු කැමැත්ත දෙනවා ආදරය පෙන්වනවා නමුත් ප්‍රේමය සගවනවා. ප්‍රේමය ඇයගෙන් ලබාගන්න පුලුවන් ඇයට අති විශේෂ පිරිමියෙක්ට පමණයි. ඒක තියාගෙන ඉන්නේ බෙස්ට් ඔෆ් බෙස්ට් ම පිරිමියාට දෙන්න. ගොඩාක් වෙලාවට පිරිමියෙක් පෙම්වතෙක් උනත් සැමියෙක් උනත් ඒක ලැබෙන්න පුලුවන්. හිතන්න ඔයා පිරිමියෙක් නම් කිසියම් ගැහැනියෙක් ඇයට ලැබුණ සියලුම පිරිමින්ට වඩා ඔවුන් වෙනුවෙන් නොකරපු දේවල් පවා ඔයා වෙනුවෙන් කරනවානම් අසීමාන්තිකව පරිත්‍යාගශීලීව කැපැකිරීම් එක්ක ඒ තමා ගැහැනු ප්‍රේමය. හැම ගැහැනියක්ගේම ඔලුවේ ලොකු බරක් තියෙනවා. ඒක නියුරෝ සයන්ස් වල තියෙන දෙයක්. ගැහැණු මොලයේ මනසේ නියුරෝනවල තියෙන දෙයක්. ඇයට කිසියම් පිරිමියෙක් නිසා මොලයට මනසට නියුරෝන වලට ලොකු නිදහසක් ලැබෙනවා නම් ඇය එතැන ඉතාම ඉක්මනින් ප්‍රේමය ගොඩ නගනවා. ඇය සතුව තියෙන ඉතාම හොදම ඉස්තරම්ම දේවල් එතැනට ගේනවා. එතැන රාජධානිය ගොඩ නගනවා. ප්‍රේමය උපරිමව තියෙන්නේ ඉතාම දිගු කාලයක් හරිම කෙනා වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු හරිම කෙනා වෙනුවෙන් විතරක් ඉන්න ගැහැණු ගාව. එහෙම අය ගාව කාටවත් නොදුන් ඉතාම යහපත් ලෙස ගොඩ නැගු ගොඩාක් දේවල් බොහෝමයක් තියෙනවා දෙන්න ෆුල් ෆ්‍රෙශ් පිට. කිසියම් ගැහැනියකගෙන් කිසියම් පිරිමියෙක් වෙත ප්‍රේමය මුදා හරින කොට බාදා පැමිණෙන්නේ නෑ. බාහිර වටපිටාවේ සහයෝගය ඉතාම නොඅඩුව ලැබෙනවා. සොබා දහම එහෙම තමා. එ දෙදෙනාගේ එකතුවෙන් සොබා දහම පවා ඇක්සෙප්ට් කරනවා. ඒකයී හැම ගැහැණියම ප්‍රේමය පිලිබදව ඉතාම දිගු කාලයක් බලාගෙන ඉන්නේ. ගැහැණු ප්‍රේමය ඉදිරියේ රූල්ස් කන්ඩිශන්ස් රෙගුලේශන්ස් කිසිම දෙයක් නැතුව ඕපන් වෙනවා. එයා සතුටින් ඉපිල යනවා අදාල කෙනා හම්බුනාම. ඒ කෙනා ගැන ඉතාම ප්‍රේමයෙන් හොයලා බලනවා සින්දු කියනවා නටනවා ගයනවා අදිනවා හැඩ වැඩ ලස්සන පෙන්වනවා. ඔයාට කිසියම් ගැහැණු කෙනෙක් ගෙන් ප්‍රේමය ලැබෙනවානම් එයා අනිවාර්යයෙන් ඔයා කියන්න කලින් එයා ආදරෙයි කියලා කියනවා ඔයාව අල්ලන්න ඕනා හග් කිස් සෙක්ස් පවා ඕනා කියනවා. එහෙම වෙන්න හේතුව තමා කිසියම් ගැහැණු කෙනෙක් දිගු කාලයක් මොනාහරි තමන් තනිව තනි උත්සහයෙන් ගොඩ නැගුවාම ඔය වගේ රෝයල් නියුරෝ ෆීලින්ග්ස් එනවා ඇයට ලැබෙන විශේෂ පිරිමියෙක් වෙනුවෙන්. සින්හ දෙනක් වගේ තමා සලකන්න ගන්නේ. එයා ශක්තිමත් ගැහැනු කෙනෙක් නිසා සොබාදහමේන් එයාට මග පෙන්වීමක් අනුබලයක් ලැබෙනවා මේ තමා කෙනා එතැන එයාව ලබා ගන්න එයා මත රාජධානිය පිහිටුවන්න කියලා.
(Article 754 for VIP)
By Think Tanker ?
Art by Sasmith Keerthirathna ?