Wednesday, May 15, 2024
Follow Us
කැඩුණු ළමයි

දැකලා තියෙනවද කැඩුණු ළමයි.මම නම් දැකලා තියෙනවා.කැඩුනු ළමයි... බිදුණු ළමයි.කවුරු හරි කඩලා දාපු ළමයි.


ඊටපස්සේ ඒ අය තමන්වම අලවගන්නවා.කැඩුන කෑලි එකතු කරලා.ලොකු වෙද්දි දාගන්නවා වෙස් මුහුණක්.ලොකු හිනාවක් තියෙන.හදවත ඉස්සරහින් සවි කරගන්නවා.. ශක්තිමත් බව පෙන්වන බිදුණු තැන් නොපෙන්වන ලොකු shield එකක්.
ඒත් මං දැකලා තියෙනවා ඉරිතලනවා එහෙම ළමයි... ලොකු වෙන්න....වෙන්න
කොයිතරම් හැංගුවත් කඩා වැටෙනවා කවදාහරි.ජීව්තේ කොතනද හරි ..කලින් කැඩුණු රේඛා දිගේ...සුවපත් වෙලා නැත්නමි පුංචිම කාලේ බිදුණු තැන්....
ආදරෙන් ඉල්ලනවා...ළමයින්ව කඩන්න එපා.වාච්කව, ශාරිරිකව, මානසිකව හෝ අධ්‍යාත්මිකව...
ඉතිං ළමයි කැඩෙනවා බෝනික්කෝ වගේම... ඇතුලතින් හා පිටතින්... පරිස්සමින් රැකගන්න.ඔබේ දරුවාව නෙමෙයි මේ මොහොතේ ඔබ ළග ඉන්න ඕනම දරුවෙක්ව..
Rosy