Wednesday, May 15, 2024
Follow Us
යාරෙ තේ

ගමෙි කඩවල් වල වගේම නගරයේ සමහර තේ කඩවල් වල තේ හදන විදිහ හොදට බලාගෙන හිටියොත් ඒ තේ හදන්නෙ අපි තේ හදන විදියට නම් නෙමෙි කියල අපිට හිතෙනව.
ටවුන් එකේ තේ කඩෙි


ලොකු තේ පෝච්චිය අරගෙන පැහෙන වතුර ලොකු කෝප්පයට තේ කොල දාලා පැහෙන්න තියෙනව.සමහර වෙලාවට අපි දකිනව වතුරයි පිටියි දාලා බෙලෙක් කෝප්පයෙ mix කරන විදිහ.
ගමෙි තේ කඩෙි
ඒකෙ තේ හදනගමන් කන්න නගරයෙ දෙන ෂෝටීස් වෙනුවට මාළු පාන් තියෙන්නෙ.ඔය තැන් දෙකේම තේ හදන මුදලාලි හෝ කොලුවා තේ එකේ පෙන එන්න කෝප්ප එකකින් අනිකට දානව ඉහලට අරගෙන පහල එකට
" මෙික තමා යාරෙ තේ කියන්නෙ "
ඇත්තටම එහෙම බලනකොට හොදම මැජික් එක තියෙන්නෙ ඔය යාරෙ තේ එක ඇතුලෙ. පෙන තියෙන තේ එක වගේම යාරෙ තේ එක බොන්න ආසාව තමයි තේ කඩෙි සාර්ථකත්වය.⁣මොකද තේ එකෙන් පස්සෙ තමයි අනිත් කෑම දවසේ විකිණෙන්න පටන්ගන්නෙ.

Nadisha Nirmana