Thursday, April 25, 2024
Follow Us
* කාලයක් යද්දි ඔයාට මාව එපා වෙයි නේද!?

* කාලයක් යද්දි ඔයාට මාව එපා වෙයි නේද!?


- නෑ එහෙම නෑ.
* එහෙම වෙනවා ඕනම දෙයක්.. පේර කෑල්ලක් උනත් එකදිගට කද්දි එපා වෙනවා.
- එහෙම වුනොත් මං ලුණු ටිකක් එක්ක කනවා..
* එහෙමත් එපා උනොත්!
- මිරිස් කුඩු ටිකක් දාගන්නවා.
* එහෙමත් එපා වෙයි..
- සීනි ටිකකුත් දාගන්නවා.
* ඇයි එහෙම කරන්නෙ ඉතින්! ඔයාට ඇපල් කන්න පුලුවන් නේ!?
- මට හැමදාම ඕන පේර කන්න.
* ඇයි ඒ!?
- ඒකට තමයි ආදරේ කියන්නෙ.
"පලතුර මාරු කරන්න එපා.
එපා වෙන හැමතැනම රස වෙනස් කරගන්න.