Friday, April 26, 2024
Follow Us
රජයේ සේවකයන්

මේ ෆොටෝ එක අල්ලාගෙන අවුරුදු ගානක් තිස්සෙ රජයේ සේවකයන්ට මඩ ගහනවා දැක්කා.


අපි ගොඩක් වෙලාවට ඇත්ත කතාව දන්නෙ නැතුව පිටින් පේන දේ විතරක් අල්ලගෙන මඩ ගහනවා. ඒක වැරදියි.
රුපියල් 35000ක් 40000 ක් ගන්න මේ මිනිස්සු එක්ක කතා කරලා බැලුවොත් එයාලටත් කියන්න මහ ගොඩක් කතා තියෙනවා.
රාජ්‍ය සේවය පාඩු වුනේ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම නිසා. එන එන ඇමතිලා විසින් රාජ්‍ය සේවය අනවශ්‍ය විදියට පුරවපු නිසා.
ලක්ෂ ගණන් පඩි ගන්න; OT ගන්න අය නැතුව නෙවෙයි. ඔවුන් ඔක්කොම දේශපාලන පත්වීම්. බහුතරයක් වෘත්තීය සමිති අටවාගෙන ඉන්නෙ ඔවුන්. වැඩක් කරන මිනිහෙකුටවත් ඒක කරන්න දෙන්නෙ නැත්තෙ කවුද කියල හොඳට විපරම් කරලා බලන්න.
හැමෝම කෑ ගහන පලියට රැල්ලට කෑ ගහන්න එපා.
නිකං හොයල බලපල්ලකො උඹලගෙ ගම්වලින් කැම්පස් ගිහින් හරි,රජයේ විභාග කරලා හරි රාජ්‍ය සේවයට ගියපු එවුන් ඛනිජ තෙල්, දුම්රිය, ජල සම්පාදන ,විදුලි වගේ ලොකු පඩි තියෙන තැන්වල ඉන්නවද කියල?
එහෙම නෑ. ඒ ඔක්කොම පිරුණේ ඇමතිට පෝස්ටර් ගහපු එවුන්ගෙන්.
රාජ්‍ය පරිපාලනේට අලුතින් ආපු ලොක්කත් ඒ දේශපාලන පත්වීම් ගැන මික් නෑ එයත් ඔක්කොම් කුණු ටික සාමාන්‍ය සේවකයො පිටටම පටවනවා.
රුපියල් 40000 ක පඩියක් අරන් දරු පවුලක් නඩත්තු කරන්න පුලුවන්ද කියලා උඹලගෙ අම්මගෙන් හරි තාත්තාගෙන්හරි අහලා දැන ගනිල්ලා.
අනෙක් හැම ක්ෂේත්‍රයකම අය පඩි වැඩි කරගත්තත් පාන් රුපියල් 75 ට තිබ්බ කාලෙ පඩියම තමයි උන් තවමත් ගන්නෙ.
ඒ නිසා කැම්පස් යන්න බැරි වෙච්ච ඇරියස්,රාජ්‍ය සේවෙට යන්න බැරි වෙච්ච ඇරියස් වගේ දේවල් කවර් කරගන්න යද්දී තව හිතපල්ලා. උඹලටත් ඒ හැම අවස්ථාවක්ම ලැබුණා ඒ වෙලාවෙ මහන්සි වුනේ නෑ කියන එකත් පිළිගනිල්ලා.
ජය !
#Prakampana