Friday, April 26, 2024
Follow Us
ඔබගේ දරුවා ගැන සැලකිලිමත් වෙන්න ! ❤

මේ එක්තරා පාසලක උන සිදුවීමක් ලංකාවේ නම් නෙවෙයි


මේ ඒ දෙමව්පියන්ගේ අත්දැකීම
" මගේ දරුවගේ ටීචර් මටයි මගේ හස්බන්ඩ්ටයි ඊලග දවසේ වහාම පාසලට එන්න කියල දරුවා අතේ පණිවිඩයක් එවලා තිබ්බා
මම මුලින්ම කලේ මගේ දරුවගෙන් ඒ ඇයි කියලා අහන එක. එතකොට පුතා කියුවේ " ටීචර් මගේ චිත්‍රයට එච්චර කැමති වුනේ නැහැ, ඒකයි එන්න කියන්න ඇත්තෙ කියල"
ඊලග දවසේ අපි දෙන්නා ටීචර් හම්බෙන්න ගියේ කුතුහලයකින්.
" ඇයි ටීචර් අපිට එන්න කියුවේ "
"මම ඊයේ පන්තියෙ හැමෝටම පවුලෙ අයත් එක්ක ඉන්න හැටි ගැන චිත්‍රයක් අදින්න කිවුවා, ඔයාගේ පුතා ඇන්දේ මේ චිත්‍රය
ඇයි පුතා මෙහෙම චිත්‍රයක් ඇන්දේ කියල මට කියන්න පුලුවන්ද ? "
" පුලුවන් මිස් මේ අපි ගිය නිවාඩුවට ස්නූකලින්ග් ඒ කියන්නෙ වතුර යට මසුන් බලන්න ගියපු දවස , එදා පුතා හරි සතුටින් හිටියේ , ඇයි මිස් මොකක්ද මේකෙ වැ‍රැද්ද ?"
---------------------------
සමහර විට ඔබටත් මේ චිත්‍රය මුලින්ම වෙනස් විදිහකට පේන්න ඇති. ඉතින් මොකක්ද මේකෙන් ගන්න පුලුවන් පාඩම.
"ඔබේ දරුව ගැන ඔබට තරම් වෙන කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. ඉතින් මේ නිසා වෙනකෙනෙක් ඔබගෙ දරුවා ගැන මොනව හරි කියන්වනම්. ඒ ගැන දෙවරක් නොව කිහිපවරක් සිතන්න."
---
-උපුටා ගැනීමක්-
ප. ලි. -
ඒ ගුරුවරයා ලමයින් ගැන දක්වපු අවධානය වටිනවා මේ කතාවේ. ඒත් මේ දෙන්න හදන පණිවිඩය පොදුවේ කියන දෙයක්.