Friday, April 26, 2024
Follow Us
කාලයක් හොදටම හිටපු අයයි, අපේ වැරදි වැඩිපුර කියවන්නේ..

අපිට ඇනුම්පද කියන්නේ, අපේ වැරදි තැන තැන ගිහින් කියන්නේ මොන වගේ අයද කියලා නිකමට හිතලා බැලුවාද?


ඒ අය තමයි, අපි කාලයක් තිස්සේ ලගින්ම ඇසුරු කරපු අය. අපේ හැම රහසක්ම විශ්වාස කරලා අපි බෙදාගත්ත අය.. අපේ හැම නරක ගතිගුණයන් ගැනම දන්න අය.. අපේ දුර්වල තැන් දුර්වල අවස්ථා දන්න අය.. අපිට ගොඩාක් ලෙන්ගතුයි කියලා දැනෙන්න පෙන්නපු අය.. ආවුරුදු ගානක් හොදම අය කියලා ආශ්‍රරේ කරපු අය.. අපි ගොඩාක් හොද විදියට හිතපු හොද කරපු අය..
මෙහෙම අය අපිට ඇනුම්පද කියද්දි, එයාලා දන්න අපේ වැරදි තැන තැන කියද්දි අපිට පුදුමත් හිතුන වෙලාවල් ඇති, විශ්වාස නොකරපු වෙලාවලුත් ඇති, 'එයා එහෙම මට කරන්නේ නෑ මගේ බොක්කක් නේ' කියලා පිලිනොගන්න වෙලාවලුත් තියෙන්න ඇති..
ඒත් ඇත්තටම හොදටම කරලා තිබුනේ එයාලා.. ?
අපි සතුටින් හොදින් ඉන්නවාට එයාලා තරන් වෙන කවුරුත් නැති බව අගවලා අපි එහෙම ඉදිද්දි දරාගන්න බැරිත් එයාලට.. ඒකයි තව කෙනෙක් දැනගන්න හොද නැති අපේ වැරදි එයාලා වෙන අය එක්ක කියන්නේ..
ඒ අයගෙන් ලැබුන ඒ නරක අත්දැකීම නිසාම අපිට අවංකව ලෙන්ගතු ලං වෙන අයව ආශ්‍රරේ කරන්න අපි ටිකක් බය වෙනවා.. ඒ නරක අත්දැකීම නිසාම හොද අය අපි මගැරගන්නවා.. ඒක හරිම දුක හැගීමක්..
ඒත් මං ඔයාලාට දෙයක් කියන්නම්, මට එහෙම වුනා.. ඇයි මෙහෙම දෙයක් කරේ කියන එකවත් මං එයාලාගෙන් අහන්නේ නැතුව, අවුරුදු ගානක් ආශ්‍රරේ කරාද කියන එක නොහිතා මං එයාලාව ඈත් කරා. අද වෙද්දි සුබවාදි ආකල්ප වලින් පිරිනු, විනිශ්චය නොකරන ආදරණීය ලෙන්ගතු මිතුරු මිතුරියන් කීපදෙනෙක් ඉන්නවා. එතනිනුත් උඩින්ම ඉන්නේ මගේ පවුලේ හතර දෙනා..
මුලදි මං දුක් වුනා.. දුක නොහිතෙන්න බෑනේ. පස්සේ මං හිතුවා, මගෙනුත් එයාලාට වැරැද්දක් වෙලා ඇති. මාත් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙවෙයිනේ. මං නොදැනුවත්ව හරි හිත රිදෙන දෙයක් වෙලා ඇති. හොදම දේ, ආපහු ලං නොකරගෙන මගේ හිතින් සමාව දිලා ඈත් කරන එක. කාලය විසින් වැරදි වැටහීම් ඉබේම දුරුවේවී කියලා..
අද මට මං ඉන්න තැන ගැන සතුටුයි. දෙයක් දිහා පුළුල් විදියට බලන්න, දකින්න, වෙනදා නොහිතුව පැති හිතන්න, පුළුවන් එක ගැබ සතුටුයි.. කා ගැනවත් හිතේ තරහක් නැති එක ගැන සතුටුයි..
අනීශා දවසක් මට කිව්වා ඔයාගේ හිත රිද්දන අයට ඔයා පහන තියන වෙලාවට ඒ හිත් වලට මෛත්‍රිය ප්‍රාර්ථනා කරන්න කියලා.. දැන් මට ඉබේම පුරුද්දක් වගේ ඒක වෙනවා.. ඒක තමයි මට කරන්න පුළුවන් හොදම වටිනම දේ කියලා මං තෙරුන් අරන් ඉන්නේ..
මෙහෙම අය ඔයාගේ ජීවිතෙත් ඇති, ඔයා කැමති නම් එයාලාගේ හොද මතක් කරන් එයාලාට අවස්ථා කීපයක් දෙන්න.. ඒත් තෙරුමක් නැත්තන්, ඔයා එයාලාගෙන් ඈත් වෙන්න..
අපේ හිතේ මානසික සුවය මේ හැමදේටම වඩා වටින නිසා..
ඔයා ගැන තැන තැන නරක දේ වැරදි කියන්නේ ඔයා කාලයකදි එයාලාට කොච්චර හොද වෙලා හිටියාද කියන එක අමතක කරලා කියන එකත් මතක තියාගන්න..
මේ දේවල් ආදරෙන් ලියුවේ ගොඩාක් අය මෙහෙම දේවල් වලට හිත පාරන් දවස් ගනන් දුක් වෙන බව දන්න හින්දා.. මේක කියෙව්වාම ඔයාට තෙරෙයි, ඔයාගේ වටිනා කාලය වැඩකට නැති දුක් වීමකට නේද දියකරලා තියන්නේ කියලා..
ඉතින් හලන්න.. ඔයාට අවංකව ලෙන්ගතු වුන අයට ඔයාගේ ආදරේ ගෞරවේ දෙන්න.. ඔයාට පුළුවන් සතුටින් ඉන්න.. ?
ආදරෙන්,
හෂී?