Wednesday, May 22, 2024
Follow Us
එකම ආදරයයි...

ඇයගේ වයස හරිහැටි සඳහන් නොවුනත්, ඔහු 85 වන වියේ පසුවන අතර, ඔවුන් යන සෑම තැනකම ඔහු නිතරම තම බිරිඳගේ අත අල්ලාගෙන ගමන් කිරීමට පුරුදුව සිටිනවා...


දවසක් මොවුන් මෙසේ ගමන් කරනවා දකින කෙනෙක්, ඔවුන් දෙදෙනා මෙසේ සිටියත් ඔහුගේ බිරිඳ නිතරම ඔහු දෙස නොබලා අහක බලාගෙන, ඔහුව ගණන් ගන්නේවත් නැතුව සිටින්නේ මන්දැයි ඔහුගෙන් විමසා සිටිනවා...
ඇය එසේ හැසිරීමට හේතුව වී තිබෙන්නේ ඇයට ඇල්සයිමර් රෝගය ඇති නිසා බව ඔහු අමුත්තාට පවසා සිටිනවා...
"ඔබ, ඇයගේ අත අතහැර ඇයව දමා ගියහොත් ඔබේ බිරිඳ ඒ ගැන දුක් වෙයිද...?" නැවතත් අර තැනැත්තා ඔහුගෙන් ප්‍රශ්ණකර සිටිනවා...
එවිට ඔහු මෙසේ පිළිතුරු දෙනවා... "ඇයට යටගියාව හෝ දැන් සිදුවන කිසිම දෙයක් මතක නෑ.., ඇය තවදුරටත් මම ඇයගේ කවුදැයි කියාවත් දන්නේ නෑ... ඒ ගැන මතකයක් ඇයට නෑ... ඇය වසර ගණනාවක් තිස්සේ මාව හඳුනන්නෙවත් නෑ..."
පුදුමයට පත්වන අර අමුත්තා ආපසු ඔහුගෙන් මෙසේ අහනවා... "ඇය ඔබව හඳුනන්නේවත් නැත්නම්, ඇයි ඔබ සෑම දිනකම ඇයගේ අතින් අල්ලාගෙන ඇයට මඟ පෙන්වමින් සිටින්නේ..? ඇයි ඔබ ඇයව මේ තරමටම ආරක්ෂා කරන්නේ..?"
මේ වයෝවෘද්ධ මනුස්සයා සිනාසෙමින් අර මනුස්සයාගේ දෑස් දෙස බලාගෙන මෙහෙම කියනවා...
"ඇය මා කවුදැයි නොදන්නවා වෙන්න පුළුවන්...
"නමුත් ඇය කවුදැයි කියලා මම දන්නවා..."
"ඇය මගේ ජීවිතයේ මට තියෙන එකම ආදරයයි..."
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...