Friday, April 17, 2026
Follow Us
"මහා ජල ගැල්ම/ගංවතුර දර්ශනය" නම් වූ සිත්තම

අපට සිතුවම නිරීක්ෂණය කිරීමේදී, එහි සිටින පුද්ගලයෙකු තම පියා බේරා ගැනීමට වෙර දරනු දක්නට ලැබෙන අතර, එහිදි ඔහුට සමීපතම තම බිරිඳ සහ පුත්‍රයා සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හරින බැව් පෙනේ.. ඔවුන් අතර ඇති බර සැහැල්ලු වීම නම් ඔහු පියාව බේරා ගැනීමයි!


සිතුවමේ ප්‍රකාශන ප්‍රවෘත්තිය නම්, 'මව' ජීවිතය නියෝජනය කරන අතර 'පුත්‍රයා' අනාගතය නියෝජනය කරයි, නමුත් මහල්ලා 'සීයා' නියෝජනය කරන්නේ 'අතීතය' යි. ඉඳින් මිනිසා අතීතයෙහිම එල්බ සිටින බැවින් ඔහුට ඔහුගේ වත්මන් ජීවිතය සහ අනාගතය යන දෙකම අහිමි වන බැව් පැහැදිලිව මෙම කලා කෘතිය ගෙන හැර දක්වයි.
සිතුවම සහ සිත්තරා: "Scene of deluge", 1827 | Joseph-Désiré Court (French, 1797 - 1865)
#PetraServiceTeam පේජය ඇසුරෙන්
-ගයාත්‍රී තන්තිරිවත්ත