එක්තරා ආයතනයක මැදිවියේ පසුවන පුද්ගලයෙක් එම ආයතනයේම සේවය කරන තරුණයෙක් සොරෙකු බවට කටකතා පතුරුවා හැරියේය...
නිතරම ඔහු පිළිබදව කේලම් කියමින්, අන් අය තුල එම තරුණයා පිළිබදව නොයෙකුත් වැරදි මතයන් ඇති කරමින්, නිතරම කේලම් කීවේය...
එහි ප්‍රතිඵලයක් ලෙස තරුණයා නොකළ වරදකට අත්අඩංගුවට පත්විය..
දින කිහිපයකට පසු ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු විය.
නිදහස් වූ පසු, ඔහුට වැරදි ලෙස චෝදනා කිරීම සම්බන්ධයෙන් මැදිවියේ පුද්ගලයාට විරුද්ධව නඩු පවරන ලදී...
උසාවියේදී, මැදිවියේ පුද්ගලයා විනිසුරුවරයාට පැවසුවේ,
"එය හුදෙක් කටකතාවක් පමණක් හෙයින්, කේලමක් පැවසූ පලියට කිසිවෙකුට හානියක් සිදුවන්නේ නැති බවත්ය...."
නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විනිසුරුවන් මහලු මිනිසාට පැවසුවේ,
“ඔහු ගැන ඔබ පැවසූ සියල්ල කඩදාසි කැබැල්ලක ලියන්න.."
යනුවෙනි...
“එය කුඩා කැබලිවලට කපා ගෙදර යන අතරමගදී, ඔබේ මෝටර් රථයේ ජනේලයෙන් මඟ දිගට විසි කරන්න..."
උසාවිය ඊලඟ දිනට කල් දමන ලදි...
ඊළඟ දවසේ, විනිසුරුවරයා පැවසුවේ,
"දඬුවම් ලැබීමට පෙර, ඔබ පිටතට ගොස්, ඊයේ ඔබේ මෝටර් රථයේ වීදුරුවෙන් ඉවතට විසි කළ කඩදාසි කැබලි සියල්ල එකතු කර ගෙන එන ලෙසයි..."
පිලිතුරු ලෙස මැදිවියේ මිනිසා,
“මට ඒක කරන්න බැහැ! සුළඟට කොල කැබිලි සෑම තැනකම පැතිර ගොස් ඇති අතර ඒවා සොයා ගන්නේ කොහෙන්දැයි”
පැවසීය...
එවිට විනිසුරුවරයා පිළිතුරු දුන්නේ,
“එලෙසින්මයි ඔබ යම් පුද්ගලයෙක් පිලිබඳව පතුරුවන කටකතාවක් හෝ කේලමක් නිවැරදි කිරීමට නොහැකි තරමට පුද්ගලයෙකුගේ ගෞරවය විනාශ කළ හැකිය. ඔබට යමෙකු ගැන හොඳින් කතා කළ නොහැකි නම්, කිසිවක් නොකියන්න. අපගේ වචනවල වහලුන් නොවන පිණිස අපි සියල්ලෝම අපගේ මුඛයේ ස්වාමිවරුන් විය යුතුයි.."
"කටකතා හෝ කේලම් හොරුන්ට වඩා භයානකය, මන්ද එය පුද්ගලයෙකුගේ ගෞරවය, කීර්තිය සහ විශ්වසනීයත්වය නැවත ලබා ගත නොහැකි ලෙස සොරකම් කරයි.
එබැවින් මෙය මතක තබා ගන්න...
"ඔබේ පාද ලිස්සා යන විට, ඔබට සැමවිටම ඔබේ සමබරතාවය යථා තත්වයට පත් කළ හැකි නමුත්, ඔබේ දිව ලිස්සා යන විට, ඔබට කිසි විටෙකත් එයින් පිටවන වචන නැවත ලබා ගත නොහැක..."
ජය ❤❤
Jordan M Fernandes
උපුටාගැනීමකි