දරුවෙක් ලැබුණට පස්සේ මට තේරුණා සමාජය ඉදිරියේ අම්මලාට පහළින් තියන දේවල් කරන්න,කියන්න බැහැ කියලා,
- පැමිණිලි කරන්න (ඔයාට දරුවො හදන්න කිව්වෙ කවුද? )
- අඬන්න (ඇයි ඔයා අඬන්නේ? ළමයි හදන එක ලේසියි කියල හිතුවද? )
- මහන්සි බව කියන්න (ඔයා මුකුත් කරන්නෙ නැහැනේ!)
- නිදාගන්න (ඔයා කම්මැලියි!)
- විවේක ගන්න (ළමයි ලොකු වුණාට පස්සේ ඇති තරම් වෙලාව ලැබෙයි විවේක ගන්න)
- නැවත ගැබ් ගැනීම (ඔයාට පිස්සුද? තව දරුවෝ කීදෙනෙක් හදන්න ද හිතන් ඉන්නේ? )
- නැවත ගැබ් නොගැනීම (ඔයාට පිස්සුද? පරක්කු නොවී තවත් ළමයෙක් හදන්න )
- රැකියාවෙන් ඉවත් වීම (පව් සුවාමිපුරුෂයා. පවුල් බර එයාට දාලා මෙයා හොඳට ඉන්නව )
- රැකියාවක නිරත වීම (රස්සාව ලොකු කරගත්තම දරුවව රැකබලා ගන්නේ කවුද?)
- දරුවන්ව ළඳරු නිකේතන වෙත යොමුකිරීම (පිට මිනිස්සුන් ගාව දරුවෝ දාලා යන්න පිස්සු ද? )
- විනෝදය සඳහා පිටතට යාම (මරු අම්මෙක්! දරුවෝ දාලා විනෝද වෙන්න යනව )
අනික ඔයා දන්නවද නරකම දේ ???
මේ දේවල්වලින් 90%ක් ම කියන්නෙ තවත් ගෑණු කෙනෙක්!
මිනිස්සු මීට වඩා අනිත් කෙනාගේ හැඟීම් ගැන හිතන්න ඕනේ. නොරිද්දා ඉන්න ඉගෙනගන්න ඕනේ! මම මගේ දරුවන්ට ආදරෙයි. නමුත් මේ හැම හැඟීමක් ම මට දැනෙනව මොකද මං අම්මෙක් වුණත් මනුස්සයෙක් නිසා.
චිත්‍රේ ස්ටුවර්ට් බ්‍රියර්ස්ගේ
(ඉංග්‍රීසියෙන් පළ වූ ලිපියක අනුවර්ථනයකි.)