2009 යුද ජයග්‍රහනයෙන් පස්සේ, බලයේ සිටි රාජපක්ශවරු චීනයට ගොඩක් ලංඋනා. චීන ණය ගලාආවෙ සීමාවක් නැතිව. රාජපක්ශවරු චීන ණය ගංගාවෙ දියබුං ගහමින් නෑව. නාන ගමන් බාල්දි, බූලි සහ ටැංකිවලටත් හිතේහැටියට පුරවගත්ත. ඔවුන්ට විනෝදයේ සීමාව හොයාගන්න බැරුව ගියා. අපේ අනෙක් ණය හිමියො හොඳටම බයවුනා !
රාජපක්ශවරුන්ව මාරුකරල යහපාලනේ ආව. චීන ණය හරහා ගත්ත විනෝදය අඩුවුනා. අනෙක් ණය හිමියො අපිට වැඩිපුර ලංවුනා. චීනෙට දුක හිතුන.
පාස්කු ප්‍රහාරය සිදුවුනා. සිංහල බවුද්ද ජන්දෙන් රාජපක්ශවරු උඩින්ම නැවත බලයට ආව. ආයෙත් චීන ණය ගඟ ගලන්න පටං ගත්ත. විනෝද සමය නවත්වපු තැනින්ම ආයෙත් පටන්ගත්ත. MCC ගිවිසුම අහෝසිකලා. ජපන් Mono Rail ව්‍යාපෘතිය නැවැත්තුව. අනෙක් ණය හිමියන්ට හොඳටම තරහ ගියා.
කවදාවත්නැතුව, තරුණ තරුණියන්ට සාමකාමීව 'අරගල'කරන්න හිතුන. අරගලේ හොඳටම නැගල ගියා. අකීකරු අයගෙ ගෙවල් ගිණි තිබ්බ. චීනෙ පැත්තකට වුනා. රාජපක්ශවරු ගෙදරගියා.
'අටවන' ජනපති පත්වුනා. අනෙක් ණය හිමියන්ට හරිම සතුටුයි. හරියටම IMF ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රියාත්මක කරගත්තොත් තමන්ගෙ ණය දිගටම ගොඩ. චීන්නුන්ට No Chance !!
චීන research නැව සී ලංකාව හරහා එන්න ඇහැව්ව (චීනෙ පොඩි මුට්ටියක්දාල බැලුවෙ..). අනෙක් ණය හිමියන්ගෙ උවමනාවට නැවට එන්න දෙන්න බෑ කිව්ව. ඒ වගේම IMF ව්‍යුහාත්මක ගැලපුම් කරගත්තොත් චීනෙ කරගෙනාඅපු වැඩේ අල වෙනව. චීනෙට හොඳටම තරහයි. චීනෙ කල්පනා කරනව.. .. ..
චීනෙ මොනව කරයි ද?
අපේ අනාගතය තීරණයකරන්නෙ අපිද, නැත්නම් අපේ ණය හිමියො ද?
- ශැප සිතුවිලි
#මාරවැඩේඅපිටඋනේ