ඉන්දියාවෙි කාසිබෝ නුවර රජකල චුල්ලන්තර රජතුමා නුවර වැසියන් වෙනුවෙන් සංවත්සරයක් පවත්වන්න තීරණය කොට රජවාසලේ සියලු දෙනා රැස් කලහ.
" මෙපුර වැසියන් හට සන්තුෂ්ඨියලබා දීම කරන කොට සැණකෙළිය සංවිධානය කරව් " ඔහු ගේ අණින් රජවාසල චර පුරුෂ යන් හා ඇමතිවරයන් යහුසුලුව සංවිධානය වූහ.
එක්වරම පුරෝහිත වාදමුක්ත පැමිණ
" ස්වාමීනි ඔබට තෑගි අරන් කසී සළු වෙලෙන්දෙක් ඇවිත් "
" කවරෙක්ද ඔහු "
එවර පුරෝහිත ඔහුව රජු වෙත දර්ශනය කරවූයේය.
" මාගේ නම අන්දබුක්ත.පැමිණියේ ඔබගේ දේවිය සුධර්මාට තෑග්ගක් ලබාදීමට "
එවර රජ තෙමෙි වික්ෂිප්තව සුධර්මා දෙස බලා
" දේවිය ඔබ මොහුව දන්නේදැයි " විචාලේය.
" නැත දැක්කේද අදමය " යැයි පැවසුවාය.
කෙසේ හෝ රාජ සභාව තුල මුණු මුනුව ඇසෙන්නට විණ.අන්ධබුක්ත පැමිණ තම රාජකීය සළු පිලිය දේවිය වෙත පෑවෙිය.එකල්හි අරුම පුදුම දෙයක් විය. එ ම සළුව ඇගේ ඇගට වැටෙත්ම එය පැලදී ඇය නර්තනයේ යෙදෙන්නට වූවාය.
රාජ සභාව ප්‍රීතිප්‍රමෝදයේ ගිලුනි.කවදාවත් නර්තනයේ නොයෙදි ඇගේ නැටුම අසිරිමත් වූ අතර පුර ස්ත්‍රියන් පවා ඇය දෙස තුෂ්ණිම්භූතව බලා උන්හ.
****** ***** ******
" බලන්ගනා දේවියගේ නැටුම අගනේය නේද " පුර ස්ත්‍රී වර්ණා ,එහි මෙහෙසිය හා දෙඩුවාය.
" ඔබත් අසිරිමත්ව බලා සිටියා නේ "
" ඇයි ඔබ "
" මට නම් අර වෙලෙන්දා ගැන සැකයි වර්ණා "
ඔවුන් සිටියේ සැකයෙනි.වරක් රජතුමා පුරයට ආපු විටෙක බලන්ගනා දේවියගේ සළු ගැන කේලම් දෙඩුවාය.
" ඔබට සැකයක් නැතිද ඔහු ගැන "
" නැහැ.ඔහු පැමිණියේ මාගේ දේවියට තෑගි දෙන්න. එතැන ඔබ සිටියත් තෑග්ග හමුවෙනවා "
කෙසේ වෙතත් බලන්ගනා ගේ වෑයම අසාර්ථික වූ කල ඇය තවත් උපායක් කල්පනා කලාය. සෑම දිනයකම පාහේ දේවිය ගේ නර්තනයන් දකින්නට රජ වාසලේ අයට හැකිවිය.
දිනක් උදෑසනක දේවිය මහ හයියෙන් ලතෝනි දෙන්නට විය.
" මගේ සළු පිලිය එය නැතිවෙලා " රජවාසලම ඇගේ සළුව හොයන්නට විය. එහෙත් එය ලෙහෙසි පහසු දෙයක් නොවුනි.
දින දෙක තුනක් ගතවිය.එක් දිනයක හදිසියේම පුරය තුල කලබගෑනියක් විය. ඒ පුරයේ ස්ත්‍රියක් වූ වර්ණා නින්දෙන් නටන්නට පටන් ගැනීමටයි.
" අසවල් දෙයක් වීද ඇයට "
" ඇය උන්මත්තක වෙලා හැඩයි"
එහෙත් පසුව සියල්ල දැනගන්නට ලැබුනු නිසා චුල්ලන්තර රජු වර්ණා මෙන්ම බලන්ගනාවද රාජ සභාවට කැදවූහ.
" වර්ණා තී කර ඇත්තේ ලොකු වරදක් "
" දේවියගේ සළුව මාගේ සයනයට ආපු හැටි මා නොදනින්නෙමි ස්වාමීනි "
රජු එය විශ්වාස නොකල අතර ඇයට මරණ දඩුවම ලබා දෙන ලදී. එක්වරම නොසිතූ විලසින් ඒ අසල සිටි බලන්ගනා ද නටන්නට පටන්ගත්තාය.
" මෙි මොකද්ද වෙන්නෙ. සළුව දැන් තියෙන්නෙ දැන් ඇය ලග නෙවෙිනෙ "
රජුද විමතියට පත්විණ.
එවර රජ වාසලට ආවෙි තෑග්ග ලබාදුන් අන්දබුක්ත වෙලෙන්දායි.
"දේවියන් වහන්ස , මට මෙය පැහැදිලි කරන්න ඉඩ දෙන්න"
" ඔව් "
" යම්සේද මෙි තෑග්ග හොරකම් කල කෙනා එය වර්ණාගේ සයනය මත දමා යන්න ඇති.මෙහි දෙවන අයිතිකාරයා ගේ සිට තෙවන අයිතිකාරයා වෙත යද්දි බලන්ගනා එයට සම්බන්ධ නිසයි ඇය නටන්නට පටන්ගත්තේ"
" අහෝ වර්ණා වැරදි නෑ එහෙනම්.ඇයව මරණයෙන් නිදහස් කරනු.වහා බලන්ගනා ට එම දඩුවම දෙනු " රජ අණකලේය.
" කෙසේ වෙතත් අන්දබුක්ත ඔබ අපූරු පුද්ගලයෙක්. ඔබ විජ්ජාකරයෙක්. කැමති නම් ඔබට පුළුවන් රාජ වාසලේ ම නැවතී මට උපදේශකයෙකු ලෙස සේවය කරන්න"
ඉතින් එදා පටන් අන්දබුක්ත ,රජුගේ ප්‍රධාන පුරෝහිත ලෙස කටයුතු කරන්නට වුනා.රජු මිය ගිය විය ඒ අනුභාවයෙන් රජ බවටත් කලකදී පත්වුනු අතර දේවියගේ හිමිකාරයද වූවා.
නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර කතාවකි- කතෘ අයිතිය සුරකින්න)