" දැන් උඔට ඔය ටුවර් එක ලැබෙන්නෙ කම්පැනිය ගානෙද " මාධවී උන්නේ තම පුතුගේ සංචාරය ගැන ඇසීමට නොඉවසිල්ලෙනි.
" ඔව් අම්මෙ, මම තමයි කම්පැනියෙ ගිය අවුරුද්දෙ හොදම කෙනා වුනේ "
ජයකොඩි එලෙස කීවේ ආඩම්බරයෙනි.ඔහු අසල සිටි නංගීට ඒ කතාව ගැන අවධානයක් යොමු නොවුනේ මවගේ චපාතිය ඊට වඩා රසවත් වූ හෙයිනි.
" අයියා ගියාම චොක්ලට් අරගෙන එනව නේද මට "
" මැට්ටි ඔව් මම මෙි ඔයාට චොක්ලට් ගේන්න තමා යන්නෙ ..."
කෑම කා අත සෝදා සාලයට ඇදුනු මාධවී මැද සැලයේ බිත්තිය මත වූ විල්සන් ගේ ඡායාරූපය දෙස බලයි. පළමුදා දැමූ පිච්ච මල් මාලය පරවී ගොසිනි.
" මම හැමදාම කියනව ලොක්කිට පරමල් තියන්න එපා කියල අප්පච්චිගෙ පින්තූරය ළඟ " ඇය බැනවදින්නට වූයේ වැඩිමහල් දියණිය නයෝමිටය.
********* ******* *********
ජයකොඩිගේ ගමනට අවශ්‍ය කරන ඇදුම් දෙක තුනක් පිළිවෙළ මැදීම ට මාධවී සූදානම් වූයේ රාත්‍රීයේය.
" අම්මා කරදර වෙන්න එපා. තව දවස් කිහිපයක් තියෙනවනේ "
පුතු එසේ කීවාට ඇය ඔහුගේ ඇදුම් ටික මැද නින්දට යාමට තීරණය කළාය.නයෝමි පවා ජයකොඩිට තමන් වැඩියෙන් ස්නේහයක් දක්වන බවයි.
" අදත් පුතණ්ඩියගෙ වැඩ නේද අම්මා. එයාට කෝමත් දැන් වැඩි සැලකිලිනෙ. ඒරොප්පෙ යන හින්දා "
" වහගනින් නයෝමි කට.මට උඔලා තුන්දෙනාම එකයි "
කාමරයට වී කතාව අසා සිටි ජයකොඩි එලියට පැමිණෙයි.
" හරි හරි මම ඒරොප්පෙ ගියාට එහෙ නවතින්න යන්නෙ නෑනෙ. උඔලටත් මොනවහරි අරගෙන එන්නම් "
" අනේ මට නම් එපා " නයෝමි ගස්සමින් මඩක්කුවට බෙදාගත් බත් එක කන්නට පටන් ගත්තාය.
" පුතේ දැන් ඔය කතාව ඇති.ඒක නෙමෙි මල්ලි අහනව අර රතු ට්‍රැවලින් බෑග් එක අරන් යන්න "
මාධවී එය ඇසුවෙි පහල ස්වරයකිනි.
" අපෝ ඒක මට තෑගි ලැබුන එකක්නෙ අම්මෙ. අනික ඔික ඉරිලා ගියොත් "
" මම පරෙස්සමින් ගේන්නම්. පස්සෙ එකක් අරන්දෙන්නම් අක්කට "
බයාදු හඬකින් ජයකොඩි කියයි.සොහොයුරා හට තමන්ගේ පාසැල් බෑගය දී කුඩා කාලේදී එය ඉරී නැවත ඔහු රැගෙන ආ හැටි ඇයට මතකය.
********* ***** *********
ඉන්දුකී , වෙරළ දෙස බලාසිටියේ මූදු වතුරට පාවී ආ කොටය අල්ලන්න ඔට්ටුවෙන කුඩා දරුවන් දෙසය.ජයකොඩි ඔරෙන්ජ් ජූස් වීදුරුව ඇය වෙත දිගු කලේය.
" මොනවද කල්පනා කරන්නෙ "
" ඔයා නැති දවස් හතර ගෙවන ජයේ "
ජයකොඩි ඇයගේ හිස අතගායි.
ඇය ,ඔහුගේ ගමන ගැන ඇත්තේ ලොකු බලාපොරොත්තුවක්ය. තමන්ගේ සොහොයුරා ට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගේන්නටද ජයකොඩිට පැවසුවෙි ද ඔහු ගැන නිවසට අවබෝධයක් ලබාදීමටය.
" අනිද්ද නේද යන්න තියෙන්නෙ "
" ඔව් "
******* ****** ******* පසුවදා ගමන යාමට තියෙන නිසාම කලින් නිවසට ඒමට පිටත්වනු ජයකොඩි තම යතුරු පැදිය එක්වරම නවතාලන්නට වූයේ හදිසියේ ලැබුණු ඇමතුමක් නිසාය.
" මොනවා, අක්කාට ගොඩක් අමාරු ද "
****** ****** *******
නයෝමි හට සිහිය එනවිට ඇය සිටියේ කෙලින්ම ආලෝකය වැටෙන රෝහල් කාමරයක් තුළය. ඇය ඇස් කරකවමින් බැලුවාය.
" ලෙඩාට සිහිය ඇවිල්ලා " මාධවී ඇය අසලට ආවාය.
" මගෙ දුවෙි " ඇයට ඇඩුම් යයි. ලෙඩාව කලබල කරන්නෙපා යැයි හෙදිය ඇඟිල්ලෙන් සන්කරයි.
" මට මොකද වුනේ " නයෝමි මවගෙන් අසන විට ඇය දුටුවෙි ඈතින් දිව එන ජයකොඩිය.
" අද දවස කවද්ද අම්මෙි "
" අද බදාදා දුවෙි..."
" දෙයියනේ එතකොට මල්ලි "
" පුතා පොඩිඩක් විවෙිකගන්න ඒ ගැන පස්සෙ කතා කරමු "
ජයකොඩි අසල පුටුව මත වාඩිවි දිගු සුසුමක් හෙලූ අතර ඔහුගේ අතේ වූයේ තමන්ගේ ගමනට වියදම් කරන්නට සමාගමෙි තිබූ මුදල තම සොහොයුරියගේ රෝහල් ගාස්තුව ලෙසගෙවන්නට ලියූ චෙක්පතය.
නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)