" බා බා බා...මෙහෙ වරෙව් " කුසලා ගේ කෑ ගැහිල්ලට කුරු ගාන්නට වූ කුකුළ් පරපුර එක අතකින් තමන්ට කරදරයක් යැයි ඔි සිතුවාය.මීට පෙර සතුන් කලබල වූයේ එක් අවස්ථාවක ය ඒ නාගයෙකු කූඩුව අසලට පැමිණි වෙලාවකය.
" ඔය සත්තු ටික විකුණල දාහල්ලා ගමටම ඇහෙන්න බෙරිහන් දෙන්නෙ" වැඩිමහල් සොහොයුරිය විමලාවතී එවර කියයි.නමුත් ඔවුන් ව විකිණීමට වඩා බිත්තර එකතුකර ඒවායෙන් ලාබයක් ලැබීම හිතටද නිවනකි.
"මම උන්ව බලාගන්නව අක්කෙ" විමලාවතී ,නැඟණිය ගැන සිතන්නේ තරමක් කණස්සල්ලෙනි.ඇයට දීගයක් යාමට සිත් නැත.ඒ වෙනුවට කුස්සි අම්මා ගේ චරිතය කරන ඇයටත් කලක් යා යුතු බවත් ගම්මුන්ගේ කයි කතන්දර නිසා විජේපාලගේ නොපැමිණීම ගැනත් ඔි දුක් වන්නීය.
" මම මෙි කියන්නෙ.උඔල දෙන්නම මගෙ නංගිල වෙච්චි.අර චාරිකා වගේ බැරිද රස්සාවක් කරන්න "
" අනෙ ලොකු " එවර කුසලා කුඩා කුල්ලක් ගෙන හාල් ඊට වත්කලාය.
" හැනේ ලොකූ නෙමෙි.මම මැරිල ගිය දාක උඔට කලක් යන්න එපැයි "
කුසලා හෙමින්ම කුස්සියවෙත ලිස්සා යන්නේ කෑම කාමරය තුල වූ හාල් මල්ල ගැටය තද.කරමිනි.
****************************
" මොකෝ විමලා අද මෙි පීරියඩ් එක ඔිෆ්ද " ගුරු විශ්‍රාම ශාලාවෙි සිටි විමලාවතීගේ හිස මෙිසය අසළින් ඉහලට එසවෙයි.
" පුදම වැඩක් බං රංගි,කුසලා පොඩි නංගි බඳින්න බෑ කියනව "
" දැන් ඉන්න කෙල්ලන්ගෙ හැටිනෙ විමලා.ඒව හිතන්න එපා.මගෙ ළඟ හොද අදහසක් තියනව." ඇය කසුකුසු ගාන අතර විමලාවතීගේ මුහුණෙහි මලක් පිපුණා මෙනි.
සෙනසුරාදා දිනයේදී දවල් කෑමට මිතුරන් පිරිසක් පැමිණෙන බව දැනගත් කුසලා රසම බටු බැදුමක් හදන්නට සූදානම් වූවාය.
" කෑම හදනව වගේම ලස්සනට ඇදුමකුත් අැන්දනම් ...හැරත් දන්නෙ නැද්ද ඉස්කෝලෙ හාමිනේලා "
විමලාවතී එසේ කියමින්,විල්බට් ඔහුගේ සැමියා රටින් එවූ සුවඳ කුඩු ගේ පුරාම ඉසියි.
" හම්මෙි ලොකූ,උන්දැල හිතයි මගුලක් කියල " කුසලා කට වසාගෙන සිනාසුනාය.
" මඟුලක කන්න බැරියැ "
දිවා කාලය තුල මෝටර් රථයක් පැමිණි අතර ඉන් ටානි,චාරිකා,පියතිස්ස හා ජගත් යන ගුරුවරු පැමිණ සිටියහ.ඔවුන් නිවස තුලට පිළිගත්තේ කුසලාය.
" අක්කා තමා අදිනව " ඇය ලැජ්ජාවෙන් පැවසුවාය.කූල් ඩිරින්ක්ස් සාදා දුන් ඇය ඔවුන් සාලයේ සිටියදී කුස්සිය වෙතට ආවාය.
"කෙල්ල ලැජ්ජා කාරි නේද" ජගත්,පියතිස්ස වෙත හැරෙන්නට විය.
' බලමු "
තමන් දෙස හොරෙන් බැලූ තරුණයා කවරෙක්දැයි කුසලා සිතුවාය.මෙය අක්කාගේ කසාද උප්පරවැට්ටියක් වෙන්නට බැරි වන්නටත් නොහැක.
ආහාර ගැනීමෙන් පසු සතුටු සාමිචියෙි යෙදෙමින් සිටියදී අඔ ගස යට වූ කුඩා බංකුව මත කුසලා වාඩි වූවාය.ඇය අසලට ආවෙි පියතිස්සය.
" හරිම තැම්පත් ළමයෙක් වගේ "
" මම නම් ළමයෙක් නෙවෙි.සර් මොනවද උගන්වන්නෙ'
" සමාජ අධ්‍යයනය " පියතිස්සගේ කමිස බොත්තමක් අතරින් ලෝම එලියට පැන ඇත.එය දැක ඇයට සිනා ගියාය.
" ඇයි හිනාවෙන්නෙ"
" මම හිතුවෙ පරිසරය කියල"
පියතිස්ස තවත් ඇය අසලට කිට්ටුවෙයි.
" මම කැමතියි ඔයා වගේ කෙනෙකුට.අපෙ අම්මත් "
දෙදෙනො අතර කතාබහ යන අතරතුර කුකුල් කූඩුව පැත්තෙන් මහ හයියෙන් කුකුලන් කෑ ගසයි.
" චෝ චෝ ....චෝ..." තමන් සිටියේ කා සමගදැයි අමතක වුනු කුසලා සාරි පොට උඩට
කරමින් අසංවරව කුකුළන් කෑමට පැමිණි නාගයා එලවන්නට දිව්වාය.
ඒ දෙස බලා සිටි පියතිස්ස විමතියෙන් මෙන්
" මෙි කළුවකුත් එනව.වහින්න වගේ කට්ටියම අපි යන්ව පිටත්වුනොත් හොඳයි නේද " යැයි පවසමින් විමලාවතී සිටි තැනට පැමිණියාය.
" නංගි ගොඩක් කැමතිම දේ තමයි ඔික.තේ ටිකක් බීලමයමු පියතිස්ස '
" අපිට පරක්කුවුනා විමලා ටීචර්,සදුදට හමුවෙමුකො "
Nadisha Nirmana Herath | ස්වතන්ත්‍ර නිර්මාණයකි| කතෘ අයිතිය සුරකින්න