මිනිසුන් ලෝකය දිනුවේ වාසනාව නිසා යැයි මම කිසි දිනක නොසිතමි.මා හට වාසනාව දුන් දේ අල්පය.ඒ අතර මගේ සැමියා ද සිටියි.යන්තම් අවුරුදු 18 වනවිටම විවාහ වූ මා ජීවිතය ගැන දැනසිට් දෙයක් නැත.මා උසස් පෙළ අපගේ විවාහයෙන් වසර පහකට පසුය.දිස්ත්‍රික්කයේ 14 වී මා කොළඹ සරසවි වරමි ලැබීමට මා ගත් වෙහෙස සුළුපටු නැත.
ඔබ තහංචි දැමූ දෙයක් මට මතක නැත.තහංචි හදුනා,එය මම මටම දමාගැනීමට ඔබ මට අවස්ථාව දුන්නේය.සරසවි දිවියේදී මා සහභාගි නොවු උත්සවයක් නොමැති තරමිය.රාත්‍රී සාදයකදී පවා මා මිතුරන් හා නටා,ගයා විනෝද වනතෙක් සරසවි පිවිසුම අසල ඔබ රැදී සිටියේය.තමන්ගේ මව බැලීමට පවා අවසර පැතිය යුතු සාම්ප්‍රදායික සැමියෙකුට,එසේ කරනුයේ තමාට ආදරේට යැයි සිතා සිත රවටගන්නා බිරිදකට ඔබ කවුරු ලෙස පෙනේදැයි මම නොදනිමි.මගේ දෘෂ්ටියට අනුව නමි ඔබ සැබෑ සැමියෙකි.
මා උසස් පෙළ ලිවීමට සූදානම් වන විට මගේ දියණියට වසර දෙකක් පමණය.කිසිවෙකු අම්මා කොහිදැයි ඇසූවිට "අම්මා පන්ති ගියා" යැයි ඇගේ පිලිතුරට"අම්මලා පන්ති යනවද' යැයි උපහාසයට ඇසූ අයද,බැඳල මොන ව්භහගද,ඕව පුළුවන් වැඩද ලෙස ඇසූ අය ද විය.ඒ සියල්ල අසමින් මා විශ්වාස කල ඔබට මම සැමදා ගරු කරමි.
මගේ සැමියා සේම මා ව්ශ්වස කල තව අය වේ නම් ඒ මගේ අම්මා සහ ආචිචිය.මා දිනවනු වස් ඔබ දෙදෙනා ගත් වෙහෙස මට අමතක නෙවෙයි.එදා මගේ දරුවා බලාගැනීමට ඔබ ඉදිරිපත් නොවන්නට,මට මේ සිහිනයට යාම තවත් දුෂ්කර වනු ඇත.මගේ උ.පෙළ ප්‍රතිඵල දැක "දැන්නම් මට මැරුණත් කමක් නැහැ"යැයි වදනින් ඔබේ සතුට මට දැනුනි.අද මා උපාධිය ගන්නා අයුරු දැක ඔබ විදි සතුට මම දුටිමි.ප්‍රමාද වී හෝ ඔබට ඒ සතුට දීමෙන් ඔබට වඩා මම සතුටු වෙමි.අද මමද මවකි.එදාට වඩා ඔබේ හැගීම් අද මට සමීපය.අම්මේ පෙර දිනටත් වඩා මම ඔබට ආදරය කරමි.
ජීවිතයේ මට ඇවැසි තැන උදව් කලේ සීමිත දෙනෙකි. දුෂ්කර තැන නැවත ගැනීමේ අරමුනින් තොරව අමිමා හැර උදව් කලේ නම් ඒ අක්කා,අයියා ඔබයි.මා වෙනුවෙන් ලෝබ නැතුව ඔබ වියදම් කල බව මම දනිමි.කීමට කෙනෙක් නැතිව අපි දෙන්නා අසරණ වු හැම තැනම ඉල්ලන්නත් පෙර උදවි කලේ ඔබයි.එය මම සැමදා සිහි කරමි.
මා ගත් උත්සහයේ ප්‍රතිඵල ගැන මා සතුටු වෙම්.අවසාන වශයෙන් දෙයක් කීමට කැමැත්තෙමි.විවාහ වී දරුවන් සමග මා විභාග ලියා සමත් වීම ආදර්ශයට නොගන්න.නමුත් විවාහය ඔබගේ අරමුණට,අධ්‍යාපන බාධාවක් නෙවේය යන්න ආදර්ශයට ගන්න.මා හට උදව් කල,මෙන්ම සිනාසුණු,උපහාසය කල අයටද ස්තූතිවෙමි.මන්ද ඔබ නොසිටින්නට ජවයෙන් ඊට මුහුණ දීමට නොහැකි වනු ඇත.
ස්තුතියි.(දිලිනි මධුවන්ති )