උපුටා ගැනීමකි.
එක්තරා ඉතා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් ව්‍යාපාරිකයෙකු විසින් පාසලක ප්‍රධාන ආරාධිත දේශනය මෙසේ සිදු කළහ.
"ඔබ පාසල කරගෙන යන විදියට මම මගේ අයිස්ක්‍රීම් ව්‍යාපාරය කළා නම් ඒක දැනටමත් වහලා" පාසලේ වාර්ෂික ගුරුදෙගුරු සමිතියේ දේශනයකට ආරාධනා ලැබ තිබූ ප්‍රබල ව්‍යාපාරික මහතෙක් සිය මිනිත්තු 90ක දේශනය අවසන් කළේය.
ඔහු රාජ්‍ය පාසල් කළමනාකරණය පිලිබද උනන්දුවක් දැක්වු ව්‍යාපාරික සංගමයක ප්‍රධානියෙක් වූ අතර 1980 දශකයේ එක්සත් ජනපදයේ හොදම අයිස්ක්‍රීම් සමාගම ලෙස කීර්තියට පත්වූ Blueberry Ice cream සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූයේය.
ඔහුගේ කථාව ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලින් ලබාගත් අත්දැකීම් හා මූලධර්ම මත පදනම්වූ සාරවත් එකක් වූ අතර එහිදී මූලික කරුණු දෙකක් අවධාරණය කෙරුණි.
පළමුවැන්න වූයේ රාජ්‍ය පාසල්වල සිසුන් තෝරාගැනීමේ ක්‍රමවේදය හා කළමනාකරණය නූතන "දැනුම් මූලික සමාජයට"ගැලපෙන්නක් නොව එයට පැරණි කාර්මික යුගයට අයත් එකක් බවය.
දෙවැන්න රජ්‍ය පාසල්වල ගැටලුවල ප්‍රධාන කොටස ඒවායෙ ගුරුවරු බවය.එනම් මෙම ගුරුවරු වෙනස්වීමට අකමැති,තම කූඩුවේම හැංගී සිටීමට කැමති,එළියේ පියැඹීමට අකමැති,තම සියලු අඩුපාඩුකම් තම නිලයෙන් හා නිලධාරිවාදි ක්‍රමයෙන් රැක ගෙන සිටින පිරිසක් බවය.
ඔවුනට ව්‍යාපාර ලෝකය දෙසට හැරී ඉන් ඉගෙන ගත යුතු බවත් ව්‍යාපාරිකයන් කිසිදු අඩුපාඩුවකින් තොරව හොදම ප්‍රමිතියෙන් යුත් භාන්ඩ නිපදවීමට දන්නා බවත්,පාසල්ද එසේ විය යුුතු බවත් එයින් කියවිණි.
විනාඩි 90ක දිගු දේශනයෙන්ද,පාසල් කළමනාකරණය හා ගුරුවරුන්ගේ දුර්වලතා ගැනද බහුලව සදහන් වූ ඔහුගේ දේශනය ගුරුවරුන් තුළ පුපුරා යන මට්ටමට කෝපය පිරවු අතර සභාව තුළ තිබූ සීතල,තැන්පත්කම ගොජ දමමින් පැසෙන උනුවතුර බාල්දියක ස්රූපයට පත්වී තිබිණි.ගුරුවරු තුළ මතුවී තිබූ කෝපය කොතරම්ද කිවහොත් එය පිහියකින් කැපිය හැකි තරම් විය.
ඔහුගේ කථාව අවසන් වීමත් සමග එක් කාන්තාවකගේ අතක් ඉහළට එසවුණි.ඇය ඉතා විනීත,ප්‍රියමනාප විශ්‍රාමික උසස් පාසල් ඉංග්‍රීසි ගුරුවරියක් වූවාය.
ඇය සන්සුන්ව ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න ඇසීම ආරම්භ කළාය.
"සර්,ඔබ කිවුවා,ඔබ ඉතා හොඳ අයිස්ක්‍රීම් සමාගමක කළමනාකරුවෙක් බව"
ඔව් මැතිණිය,ඇමරිකාවේ හොදම අයිස්ක්‍රීම් හදන්නෙ අපියි"
"ෂා!කොච්චර හොඳද? ඒ අයිස්ක්‍රීම් ගොඩක් රසවත්ද? මෘදුද?"
"ඔව්! මැතිණිය එහි 16%ක්ම යොදය සහිතයි!"
ඔබ එයට යොදාගන්නේ උසස්ම අමුද්‍රව්‍යයද?
"අති උසස්ම ඒවා මැතිණිය.හැම අමුද්‍රව්‍යයක්ම සහතික ලත් ඒවා!"
මදක් ඉදිරියට නවී හකුළුවා ගත් සිය ඇහිබැමි සිය ව්‍යාපාරිකයා දෙසට යොමු කළ ගුරුවරිය,
විල්මර් මහතාණනි,
හිතන්න ඔබ සිටින්නේ,ඔබේ අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන එන ස්ථානයේය කියා.ඔබ දකිනවා නරක්වූ Blueberry තොගයක් සහිත ලොරියක්.ඔබ එවැනි මොහොතක මොකද කරන්නේ?"
ශාලාව ඉඳිකට්ටක් වැටෙන හඬ පවා ඇසිය හැකිතරම් නිශ්ශබ්දය. ව්‍යාපාරිකයා එකවරම සුදුමැලි විය.තමන් උගුලකට හසුවීමේ පලමු හැගීම ඔහුට දැනුණා වැන්න. කෙසේ වුවද ඔහු පිළිතුරු දුන්නේය.
"මම ඒවා හරවල යවනවා"
"හරියටම හරි"ගුරුතුමිය ජයග්‍රාහී ලෙස පැවසුවාය.
"ඒත් අපිට අපේ Blueberry කවදාවත් හරවලා යවන්න බැහැ. අපි ඒ සියල්ල බාර ගන්නවා. ලොකු, කුඩා, පොහොසත්,දුප්පත්, දක්ෂ , දුර්වල, අපයෝජනයට ලක්වූ,තැතිගැන්වුණු, නිහඩ, නිවසක් නැති, නපුරු, දීප්තිමත් මේ වගේ. අපි ඔවුන් සියලු දෙනාම ඒ එන පරිදිම; කිසිදු වෙනසක් නොමැතිව බාරගන්නවා. අන්න ඒ නිසයි විල්මර් මහතාණනි,මේක ව්‍යාපාරයක් නොවන්නෙ!
මේක පාසලක්!"
ඇය කතාව අවසන් කරනවාත් සමගම සභාව එකවරම පිපුරුණා බඳුවිය. සියලුම ගුරුවරුද,විදුහල්පතිද,දෙමව්පියෝද, සියලුම දෙනා එකවරම නැගී සිට කෑගසන්නට වූහ.
(සත්‍ය සිදුවීමකි - ජැට් රොබර්ට් වෝල්ටර්)