Saturday, May 11, 2024
Follow Us
කොට කලිසමක් ඇඳල බාට දෙකක් දාල පාරට බැහැල බලන්න..

අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor , director ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට තියල යන්න පුරුදුවෙන්න ඕනේ. ඒක තමයි නියම උගත්කම. කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන යුගය අපි වත් ඉවරකරන්න ඕනේ .


අනික උගත්කම කියන්නේ පාස්කරපු විභාග විතරක් නෙමෙයි.පේන්ට් බාස් උන්නැහේ පේන්ට් කරන්න උගත් , පාර අතුගාන මනුස්සය ක්ලීන් කරන්න උගත්. උගත්කම කියන්නෙ උකහා ගත්කම. ඒක ඕනෑම අංශයක් වෙන්න පුළුවන්
ජීවිතේ ඒ ඒ වෙලා වලදි අපි අදාල චරිතේ රඟපානව මිසක් තනතුරු ඔලුවේ තියන් ඇවිදින්න ඕනේ නෑ .. ඒක උගත්ගම නෙමෙයි. ඒක එක්තරා විදිහක මානසික ලෙඩක්.
රස්සාව මේකයි, මන් අරය, මන් මෙයා මන් ඇමති ගාව ඉන්නේ.. කියල සමාජෙන් වාසි ගන්න යන්නත් එපා, වාසියක් දෙන්න යන්නත් එපා.
කවදාවත් job title පාරට ගේන්න එපා. ගෙදර අරන් යන්නත් එපා .ඒ වගේම ඇඳුමයි වාහනෙයි මහත්තය කියන වචනෙයි අතර සම්බන්දයක් හදාගන්නත් එපා. අනික ඔය නම්බු නාම job title පොඩ්ඩක් අමතක කරලා කොට කලිසමක් ඇඳලා බාට දෙකක් දාල පාරට බැහැල බලන්නකෝ තියන සැහැල්ලුව.
........................................................................................