Saturday, May 18, 2024
Follow Us
Kasturi Chellaraja Wilson

I ජීවිතේ එකම අරමුණ Happily ever after ලෙස සලකා අවුරුදු 20 න් විවාහ වුන ගැහැණු ළමයෙක්.


අවුරුදු 26 වන විට දෙදරු මවක්/ ගෘහණියක් වුන ගැහැණු ළමයෙක්.
අවුරුදු 29 දී රැකියාවක් , ආදායම් මාර්ගයක් නොමැතිව single parent කෙනෙක් ලෙස හුදෙකලා වුන ගැහැණු ළමයෙක්.
ශ්‍රී ලාංකික ව්‍යාපාර සාමූහිතයක ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තේරී පත් වුන ගැහැණු ළමයෙක්.
මේ ගැහැණු ළමයි සියලු දෙනාම එක්කෙනක් බව ඔබ විස්වාස කරනවාද ? ආරම්භය අවසානය තීරණය නොකරන බව ඔබ විස්වාස කරනවාද ? ඇය වුර්තීය ජීවිතය ආරම්භ කළේ වයස 29 දී පමණ දරු දෙදෙනෙක් තනිව හදා හදා ගැනීමේ මහා මෙහෙවරට උරදීමටය.
ලංකාවේ ව්‍යාපාර කේෂේත්‍රයේ මෙතෙක් කලක් පිරිමින් විසින් හොබවන ලද පුටුවක් කාන්තාවකගේ අතට පත් වීම ලාංකික කාන්තාවන් වශයෙන් අපිට විශේෂයි.
මවක් ලෙස ගෙවන භූමිකාවේදී අපගේ වුර්තීය ජීවිතය පසෙකට කර යැපෙන්නෙක් බවට පත්වීම අගයන දේශයක අපි ජීවත් වෙමු. කෙල්ලෙක් නම් සුදු වුනහම සේරම හරි කියන මිනිසුන් වසන සමාජයක උඩුගම් බලා පිහිනපු කළු ලාංකික කෙල්ලෙක් ලෙස, තමාගේ උපරිමය වෙත යාමට මාතෘත්වය බාධාවක් වෙනුවට ශක්තියක්ම කරගත් ගැහැනියක් ලෙස කස්තුරි අප හැමට විශේෂ පුද්ගලයෙකි.
ඇගේ උගත්කම, හැකියාව, නායකත්වය මෙන්ම අසාමාන්‍ය රූමත්කම මගේ සිත අමන්දානයට පත් කරයි.
"Kasturi Chellaraja Wilson has been appointed as the Group CEO of Hemas Holdings PLC, making her the first female Group CEO of a conglomerate in Sri Lanka."
Copied from the ladies only group post by reshika godakanda