Sunday, May 05, 2024
Follow Us
කැෆේ ඩී සිගාරා

එක්තරා නගරයක කැෆේ ඩී සිගාරා අවන්හල නමින් තැනක් තිබුන⁣.එතැන රාත්‍රියට එන සල්ලිකාරයන් පිනවන නර්තනශිල්පිනිය රෝසි.ඇය ගේ නැටුම කෙතරම් මනබදිනවාද කියනවානම් ඇතැම් ඇය නොමැති දවස්වල අවන්හල හිස් පුටු මෙිස පමණක් වුනා.


" රෝසි ,ඔබ ගැන අපට හරි සතුටුයි.අපේ ගනුදෙනුකරුවන් ඔබ ගැන කතාකරනව" අවන්හලේ අයිතිකාරයා රොස්පි තමන්ගෙ රැවුල කැරකුවෙ කපටි හිනාවකින්.
" ස්තුතියි රොස්පි මහත්තයා" රෝසි පුරුදු පරිදි නර්තන කරගෙන ගියා.බීමත් ධනවතුන් ප්‍රීතිඝෝෂා දැම්මා.
හැමදාම ඔය අවන්හලට එන්න පුරුදු වෙල හිටිය ඇම්සන් කියල ධනවත් වෙලෙන්දෙක්.මනුස්සයා ඇයට වසඟ වෙල හිටියෙ.
" මං කැමතියි ඔබ එක්ක කතාකරන්න" ඇම්සන් කාලයක්ම අවන්හලේ ගනුදෙනුකාරයෙන් නිසා රොස්පි මහත්තයත් ඇය අසල කැරකෙන ඔහුට කිසිවක් කීවෙ නෑ.
" සමාවෙන්න.මට ⁣වැඩ ගොඩක් තියෙනව" ඇය පුළුවන් තරම් ඔහුව මඟහැරිය.
දවසක් අවන්හලේ ⁣අයිතිකාරය⁣ ඇයට අපුරු යෝජනාවක් කලා.ඒ ඇයව විශාල විශාල අට්ටාලයක ,සෙනගට දුරින් තබා නර්තනයට සැලැස්වීම.මෙි ගැන දැක්ක රොස්පි මහත්තයාට ටිකක් තරහ ගියා.ඇය ව දුර තැබුවෙ අවන්හල් හිමිය කියල ඔහු දැනගත්තා.ඉතින් ඇය⁣ගෙන් තනිව නර්තනය විදින්න ඔහුට තියෙන උනන්දුව තවත් වැඩි වුන⁣.
" මිස්ටර් රොස්පි,මට රෝසිගෙ නර්තනය තනියම බලන්න ඔින⁣"
" ඔබට පුළුවන් හැබැයි ඒකට වෙනම ගෙවන්න වෙයි" අවන්හල් හිමියා ඔහුගෙන් වැඩි ගානක් ගත්තා.නමුත් ඇය මෙි වැඩෙිට කැමති වුනේ නෑ.ඔය අතරෙ අවන්හල අයිතිකාරයා ගෙ බලකිරීම් වැඩිවුන⁣.ඇය අකමැත්තෙන් වුනත් ගෙදර නතරවුනා.අවන්හලේ ආදායම පහලගියා.
රෝසි ඒ කාලෙ ඉදන්ම නැටුමට ආසා නමුත් තමන්ගෙ නැටුම වසර ගණනාවක් අනුන් වෙනුවෙන් කැපකලා.අවන්හල් හිමියා ඇයව සොයාගෙන ගියත් ඇය ගෙ ප්‍රතිචාරය වෙනස් වුන⁣.
" රොස්පි මහත්තයා තවදුරටත් මම එතන නටන්ව එන්නෙ නෑ.මට කරදර කරන්න එපා" ඇගෙන් ලාභගත්ත ඔහු කරන්න ගිය කපටි වැඩෙි මගහැරිච්ච නිසාම අවන්හල වැහිල ගියා.
කාලයක් ගෙවිල ගියා .රෝසි කලේ තමන්ගෙ ගෙදර ගොවිපොලේ වැඩ කටයුතු.දවසක් ඇගේ නිවසේ දොරට කවුද තට්ටුවක් දාන්න වුනා.ඒ දොර ඇරියත් ඇයට කවුරුත් දැකගන්න ලැබුන වෙනුවට පාර්සලයක් තිබුන.ඇය ගෙට රැගෙන විත් එය දිගහැරියා.ඒකෙ තිබුනෙ ලස්සන නැටුම් ගවුමකුයි ඒ වගේම මුදල් නෝට්ටු මිටියකුයි.
ඊට දින කිහිපයකට පස්සෙ ගම්මානයේ එක්තරා නැටුම් සංදර්ශන පවත්වන කෙල්ලෙක් ගැන ආරංචිය පැතිරිල ගියා.එය බලන්න රැස්කමින් ගොඩක් අය ඇවිත් හිටියා.ඒ රෝසිගෙ නර්තනයන්.නගරයෙ ධනවතුන් පවා එතැනට ඇවිත් අැයට මුදල් ලබාදුන්නා.
" මිස් රෝසි" නැටුම දිහා බලන් හිටිය නිතරම එන රැවුල සුදු හිස් අවාරණයක් දාගත්ත ධනවතා තමන්ගෙ තොප්පිය ගැලෙව්ව.
" ඔබ...."
" ඔබෙි ගානටම ඒ ඇදුම් තියෙනවා "
ධනවතා කිව්ව විදියට ඔහු තමයි අර ඇදුම් පාර්සලයයි මුදල් ටිකයි ගෙනත් තියෙන්නෙ.ඔහු වෙන කවුරුත් නෙවෙයි එදා ඇගේ නැටුම බලන්න ආසාවෙන් ආපු ඇම්සන් මහත්තයා.
තමන්ගේ හැකියාවන් ගැන තක්සේරුවක් ලැබුනු විටෙක තම වටිනාකම නිවැරදිව ලබාගත හැකිවෙි.රෝසි කාලයක් නර්තනයට දක්ෂ වුනත් ඇය වෙනත් තැන්වල රස්සාව ක⁣ලා.නමුත් එක්තරා සිදුවීමක් නිසා ඇය ඇයවම හදුනාගත්තා.
ඒ වගේම නොසිතූ විටෙක අපිට උදව් කරන්න එන අයත් ඉන්නව.සන්සුන්ව අපි ඔවුන්වත් අදුනගන්නත් සිතුවිලි මෙහෙයවන්න ඔිනා
නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර කතාවකි ) කතෘ අයිතිය සුරකින්න.