Sunday, May 05, 2024
Follow Us
ඇන්චඩ්

එක්තරා කාලෙක ඇන්චඩ් කියල වියපත් එහෙත් වැඩට දක්ෂ මනුස්සයෙක් ජීවත්වුන.ඔහු නිරන්තරයෙන්ම කලේ තව කෙනෙකුගෙ අඩුපාඩුවක් ගැන කතාකරපු එක.


" දන්නවද මාරි ,එහා ගෙදර ක්ලිෆඩ් .මිනිහගෙ කාර් එකෙන් පිටවෙන දුම ශරීරයට නම් අන්තිමයි "
" අනේ,පව් එයාගෙ නෝනා ,ලැම්බා මා එක්ක හරි මිතුරුයි "
" ඔය ගෑනු එක්ක වැඩිපුර පාසානයට නම් යන්න එපා "
ඇනචඩ් රස්සාව විදියට කලේ කාර්මික වැඩ.නිවෙස් වලට ගිහින් ඒ වැඩ අතරෙ ඔහු තමන්ගෙ නිවසෙ උඩු මහල වර්ණවත් කරන්න හිතුවා.
" ආ ඇනචඩ් මහත්තයා.සුභ දවසක් " අල්ලපු ගෙදර උඩු මහලේ එලවළු පාත්තියට වතුර දමමින් මිටි ක්ලිෆඩ් ඔහු වෙත හැරෙන්න වුනා.
" සුභ දවසක් ක්ලිෆඩ්.ගෙදර වැඩ ටිකක් තියෙනව " ඔහු අකමැත්තෙන් මෙන් වැඩ කරන්න පටන්ගත්තා.මෙි දිහා අතරන් පතර බලාගෙන සිටි ක්ලිෆඩ් ,දිවා කාලයේ ඔහුට සංග්‍රහයක්ද සූදානම් කලා.
" ක්ලිෆඩ් මහන්සිවෙල නේද.මෙි සංග්‍රහය " ඇන්චඩ් වුනත් ඒකට ටිකක් කම්මැලි වුනත් බඩගින්න ඊටත් වැඩිව තිබුනා.කේක් කා කෝපි එකක් බිව්ව ඇන්චඩ් කතාවට වැටුනා.
" ඇන්චඩ් දන්නනද මෙි කෝපි කෝප්ප සෙට් එක කොච්චර වටිනව ද කියල .ඒවා මට හම්බුනෙ අපෙ තාත්තගෙන්.ගොඩක් වටින ව." කොප්ප ටිකේ ලස්සන දැක්කහම ඇනචඩ් ටත් ඒ ගැන ආසාවක් පහල වුන⁣.මෙි වගේ මිනිහෙක්ට මෙච්චර වටින දෙයක්.ඔහු හිතමින් හිටිය.ඒ අතරතුර ඔහු ක්ලිෆඩ්ගෙ උඩුමහලෙන් පිටවන්න යත්දිම ඔහුගෙ කකුල වැදිල කෝප්ප මෙිසය බිමට වැටුනා.
" අනේ ක්ලිෆඩ් මට සමාවෙන්න හිතල කරපු දෙයක් නෙවෙයි "
ක්ලිෆඩ් ටිකක් දුක්වුන⁣.එහෙත් විනාසවීමෙි දුක පෙනනුනෙ ටික මොහොතයි.ඔහු නැවත් හිනාවෙන්න ගත්තා.
" කෝප්ප ටික මට වටිනව තමා.ඒත් දැන් ඒවා කෞතුක භාණ්ඩ විදියට වටිනාකම වැඩිවෙනව "
අැන්චඩ්ගේ ඔහුගෙ සිතුවිලි ගැන පුදුමත් හිතුනා.
අපි ගොඩක් වටින දේ නැතිවීමෙන් හෝ ගෙවී යාමෙන් දුක් වෙනව නමුත් අලුත් විදියට හිතුවොත් ඒ වටිනාකම නැවත හදාගන්න පුළුවන් වෙනව ඒ අලුත් පෙනුම හරහා.
නදීෂ නිර්මාණ හේරත් |ස්වතන්ත්‍ර කතාවකි( කතෘ අයිතිය සුරකින්න)