Sunday, April 20, 2025
Follow Us
ප්‍රතිබිම්බය

" නිසංසල ජලතලයේ අපේ ප්‍රතිබිම්බය මැවෙනව පේනවා නේද.එය ට මුවාවී ලොකු කරදර තියෙන්න පුළුවන් " ඔරුවෙහි සිටි වැඩිමහල් සොහොයුරිය තම නැගණිය ක්ලේරාට පැවසුවා.


" හම් නමුත් මගේ ඉලක්කය වෙන්නෙ විශාල මාළුවෙක් " ඇය බිලී පිත්ත හසුරවමින් පැවසුවා.
දෙවැනි සොහොයුරිය මිනාරා බිලී පිත්ත ගගටදමාගෙන සිටියත් අවධානය තිබුනේ බාල නැගණිය දෙසයි.
බාල නැගණිය ක්ලේරාට තමන් කළවැඩ නතර කර නැවත ජල තලය දෙස බැලුවා.තමන් සොහොයුරියන් ලෙස ලස්සනදැයි සිතුවා.
ඇයට අමතක වුනා අර ප්‍රතිබිම්බය ගැන කිව්ව කතාව.
ක්ලේරා සොහොයුරියන් එහා මෙහා වෙනකන් සිට තමාගේ ප්‍රතිබිම්බය වූ ජලය මත අත තැබුවා.එකිනෙහි කිඔුලෙක් ඇගේ අත තදින් ඇදගත් අතර සොහොයුරියන් ඇයව බෙිරාගත්තා.
ප්‍රතිබිම්බය ට එහා තිබෙන ව්‍යසනය අපට තවමත් පේන්නෙ නෑ.ඒක ලොකු විනාශයක් වෙන්න බැරිත් නෑ