එක්තරා කාලයක අවුන්සාර් කියලා රජ කෙනෙක් ජීවත් වුණා.ගොඩක් වෙලාවකට කරන්න ගත්තෙ තමන්ට කැමති දේවල් .මේ හින්දම මිනිසුන් කලකිරීමෙන් හිටියෙ.
"දෙවියන් වහන්ස දකුණු වාහල්කඩ දොරටු ව ඉස්සරහ ලොකු කලබලයක් මිනිස්සු බඩගින්නෙ ඉන්නේ "
ඒ වෙලාවට රජතුමා කරේ සඳලුතලයට ගිහිල්ලා මිනිස්සු දිහා බලාගෙන ඉන්න එක .
"මිනිස්සුන්ට ටිකක් ඉවසන්න බැරි ඇයි " රජතුමා ගේ ක්‍රියා කලාපය නිසා දේවිය වගේ ම දරුවන් ද බොහෝ පශ්චාත්තාපයට පත් වී සිටියේ.
" කවද හරි අපිට සිද්ධ වෙන්නේ විනාශයක් .ලොකු විනාශයක් "
මේ අතරතුර දී හා වෙනත් රාජධානිය ක සිට අනාවැකි කියන්නියක් මාලිගාවට පැමිණියා.
රජ තුමනි ඇය ඔවුන් ඔබට පණිවිඩයක් එවලා . ඔබ ව හමුවන්න කැමතියි ලු "
පුරෝහිත රජතුමාට කිව්වා
" ඔබ කොහේ සිට පැමිණියේ ද " ඇය තමන්ට රජතු මා හමුවීමට අවශ්‍ය බව පැවසුවා.පුරෝහිත ඒ සඳහා අවස්ථාව සලසා දුන්නා.
" රජතුමනි මේ ප්‍රශ්න වලින් මුදා හරින්න මට පුළුවන් " රජතුමා ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා.
"එහෙනම් මම ඔබට මගේ රාජධානියෙන් වස්තුව සියල්ල ලබා දෙනවා"
කෙසේ වෙතත් අනාවැකි කියන්නී ය විසින් රජතුමා තනිව මේ කර්තව්‍යය සඳහා දුර පිහිටි කඳු වැටියට යාමට යෝජනා කළා.
දෙනාම එලෙස පිටත් වුණා.ඇය විසින් රජතුමා ව කුඩා ගල් වැටියක වාඩි කරවා කුමක් දෝ බීමක් සකසා රජ තුමා වෙත ලබා දුන්නා.
"පානය කරන්න රජ තුමනි "
ඔහු ද එය පානය කළා.තවත් පැය භාගයකට විතර පසු ව රජතුමා ඉන්නවට එම කල් වැටිය උඩ සිටියේ කුඩා මීයෙක්.
" ඔබ මට මේ මොකද කළේ " රජතුමා කතා කරන්න හැදුවා ට ශබ්ද ය ලෙස පිට උනේ මීයාගේ චීස් බීස් ශබ්දය යි.
ඇය හිනා වෙලා තමන්ගේ මල්ල ඇතුලෙ හිටපු පූස් ආවෙ එළියට දැම්මා.පූසා කිසිත් වග විභාගයකින් තොරව අර මීයෙක් බවට පත් වුණ රජතුමාව කාල දැම්මා.
ජනතාව ප්‍රීතියෙන් ඉන් පසු කාලය ගත කරා.
කෙනෙකුගේ දුකේ දී සිනා සෙන මිනිස්සුන්ට හිමි වන්නේ විනාශ යයි .එය එන තුරු ඔවුන් සිටින්නේ සතුටින්.
නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි. (කර්තෘ අයිතිය සුරකින්න )