එක්තරා කාලෙක සුංගියා නමින් ගමක ජීවත්වෙච්ච අහිංසක මනුස්සයෙක් හිටිය.මෙි මනුස්සයා කලේ ගමෙන් ගමට ගිහින් තොවිල් පොළවල් වල බෙර ගහල කීයක් හරි හොයාගන්න එක.
" බොලාලා තැන් තැන්වල රෑ ගිහින් බෙර ගහනව විතරයි අර එහා ගෙදර යසෝනිසා බලන්න එපැයි පවුලෙ කටිටිය එක්ක පෙරහැරත් බලන්න ගිහින් " සුංගියාගෙ බිරිද හීන් එතනා , පාන්දර ගෙට එන ඔහුට කිව්වා.
" හම් අපිටත් කලක් යයි බං යෝදියෙ " මනුස්සයා බුලත් විටක් කොටන ගමන් ලොකු හුස්මක් එලියට දැම්මා.හැමදාම ඔය විදියට කියන හින්දම සුංගියාට මෙි කතා එක්ක හීන් එතනාගෙ ඇල්මටත් ඉඩ දෙන්න ඔිනා කියල හිතුවා.
" ලබන සතියෙ ටීටරයක් එනව කියන්නෙ අපි ඒක බලන්ට යමු එතනො " ඒ එක්කම සුංගියාගෙ පොඩි එකා ඇවිත් බූරු ඇදේ කොනක තියෙන බෙරය අතපත ගාන්න ගත්තා.
" ඔය මොකද කරන්නෙ තියෙනව ඔික " අප්පචිචිගෙ සැරහින්දම පොඩි එකා අඩන්න ගත්තා.එතනා ඔහුව වඩාගෙන පිලිකන්න පැත්තට ගියා.සුංගියා බෙරයට සැලකුවෙ පොඩි එකෙකුටක් වඩා සැලකිල්ලක් කියල ගම්මුත් දැනගෙන හිටිය.
හැමදාම පාන්දර වැඩ ඉවරවෙල ආවහම බෙරය අතට අරන් පිහදාලා ආපහු ඒක තිබුන තැනින් වහලෙ තිබුන ලණු අතරෙ රදන්න වුනා.සුංගියා බෙර බලාගත්තෙ දරුවෙක්වගේ.දවසක් හීන් එතනා බෙරය තියෙන තැන අස්පස් කරන්න ගිහින් එහ් පටියක් ගැලී යාම නිසා ඇතිවෙච්ච කේන්තියට සුංගියාගෙ කේන්තිය අහවර වුනේ හනසු දෙක තුනකින් ඇයගෙ පිටට කඩි බෑවට පස්සෙ.
" උඔලට ලොකු කන්න උයන මාවද එහෙමත් නැත්නම් ඔය පණ නැති බෙරයද "
" එතනො,උඔහැට උයන්න කීයක්හරි හොයාගන්නෙ මහ රෑට මෙි බෙරයට තලල කියන එක අමතක කරන්නෙපා " ඒ වෙලාවට සුංගියා කිව්වා.
එක දවසක් පුංචි පුතාට ගෙදර ඉන්න කියල සුංගියා,හීන් එතනා එක්ක ටීටර් බලන්න යන්න ගම් දෙකකට එහා ගමක් වෙත ගමන් ඇරඔුව.එයා යන්න කලින් බෙරය ගේ ඇතුලෙන් පරෙස්සමට තියලයි ගියේ.මහ රෑ ගෙදරට ආපු ගමෙි කෙනෙක් දොරට තඩිබාන හඩ ඔහුගෙ පුතාට ඇහුන.
" පුතා, මම ගොරිගො මමා පුළුවන් නම් අප්පොච්චගෙ බෙරය අරනු එන්න කියල උන්දැ කීවා" දරුවත් කිසිම සැකයක් නැතිව පුටුව උඩට නැගල වහලයෙ එල්ලල තිබුනු බෙරය අමුත්තා අතට දුන්නා.
ටීටරය පටන්ගත්තා.දැන් සුංගියා ,එතන එක්ක ඒක බලනව.ඔය අතරෙ වාදන කණ්ඩායම දිහා බල බල හිටියෙ එයාලගෙ ගහන බෙර පදේ හඩ පුරුදු නිසා.
" එතනො ,ඒක හරියට මගෙ බෙරයෙ හඩ වගෙයි"
" ඔහෙට විකාරද ,ඒක වහලෙ එල්ලලා ආවෙ මතක නැද්ද"
ඔන්න ටීටරය ඉවරවෙල හැකි තරම් ඉක්මනින් කැලෑ පාරෙන් එතන එක්ක සුංගියා ගෙදර එන්න ආවෙ එතනවත් ඇදගෙනමයි.එකපාර දොර ඇරපු ගමන් සුංගියා දුවගෙන ගියා බෙරය තිබුන තැනට.එයාගෙ පපුව හෝස් ගාලා ගියා පුතා කිව්ව දේ අහල සුංගියා එකපාරටම ආපහු දුවගෙන ගියා ටීටරේ පවත්වපු තැනට.එතකොටත් සුනංගු වැඩියි.ටීටර් කාරයන්ගෙ ලොරිය බඩු ටිකත් අැදගෙන ගිහිල්ල.එදා සුංගියා නිදා ගත්තෙ නෑ.මිදුලට වෙලා හිත් වෙිදනාවන් කෑමක්වත් නැතිව හිටිය.දවස් කිහිපයක් එහෙම පැත්තක වැටිල හිටිය සුංගියා බෙරය ගැන දවල් හීනෙනුත් කියෙව්වා.පස්වෙනි හයවැනි දවස වෙත්දි මිනිහගෙ හුස්ම ගියා.
ඊට ටික දවසකට පස්සෙ ගෙදරට ආවා උඩු රැවුල්කාරයෙක් මිනිහ අතේ ලොකු එලවළු පාර්සලයක් වගේම තවත් අඩුම කුඩුම තිබුන.
" මෙික සුංගියා ගෙ ගෙදර නේද.අපේ ලොකු මහත්තයා මෙික එව්වා "
හීන් එතන පාර්සලය ගලවල බැලුවා.එහි පුංචි එකාටත් ලස්සන සෙල්ලම් බඩු කිහිපයක් තිබුනා.මෙි සේරම ඔතපු කඩදාසියෙ සීල් එකක මෙි විදියට සදහන් වුනා.
" රඔකැන් ටීටර් නාට්‍යකාරයෝ - වවුලාන" ඇයගෙ මතකය ආවෙි මෙි නම එදා සුංගියා ටීටර් නාට්‍යය බලපු දවසේ බෝඩි එකක සදහන් වුනු අකුරු පේළිය.
නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර නිර්මාණයකි) කතෘ අයිතිය සුරකින්න.