Sunday, May 05, 2024
Follow Us
පුංචිඅම්මා?️

පුංචි හරිම පුදුමාකාර කෙනෙකි.. ඔබේ අම්මාට ඔබව ලැබුන පසු පුංචිගේ සුරතලා වෙන්නේ ඔබයි.. ඉන්පසු අම්මාට ඔබව ඇගේ ලෝකය වන අතර,
පුංචිට ඇගේ ලෝකයෙන් තුන් කාලක්ම වෙන්නේ ඔබයි..


අම්මාගේ කබඩ් එක ඔබේ ඇඳුම් වලින් පිරී යන අතර පුංචිගේ ඇඳ ඔබේ සෙල්ලම් බඩු වලින්ද, ඇගේ දුරකතනය ඔබේ ඡායාරූප වලින්ද පිරී යයි.. ඔබට පුංචි කෙනෙක් ඉන්නවා නම් ඔබට ඇවිදීමට හැකි වෙතතුරු ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවා ඇත්තේ පුංචිගේ ඇඳ මතය.. ඔබව එහි තබා ඇය කුමක් කරන්නේද..
මුකුත් කරන්නේ නැත.. ඔබේ කකුල් අත පය අල්ල අල්ලා ඇය සිනා වෙවි සිටියි..
බැරි වෙලාවත් ඔබ අසනීප වුනොත් අම්මාත් එක්ක වැඩිපුරම දුක් වෙන්නේ ඇයයි..
සාමාන්‍යයෙන් සිංහල සංස්කෘතිය ඇතුලේ දරුවෙක් අඬන විට මාමාට කිරි එරෙන බව කියුවත්,
අනේ මට කිරි තිබ්බා නම් මම දෙනවා කියපු පුංචි අම්මලා මට හමු වී ඇත..
සමහර පුංචිලා ඔබව පාසලෙන් ගෙදර එක්කන් යන්නත් එයි.. අම්මා කවදාවත් අරන් දුන්නේ නැති කෑමත් අරන් දෙයි.. ඔබ සතුටු වන්නේ නම් ඇය නොකරන දෙයක් නැත..
ලොකුම නාඩගම පටන් ගන්නේ පුංච් කොහේ හරි යනකොට.. ඇයට ඔබව බදාගෙන පැය ගානක් අඬයි..
නැත්නම් ඉඹ ඉඹ අඬයි..
පුංචි ඔබට ඒ තරම් ආදරේයි...
පුංචි ඇත්තටම පුදුම හිතෙන විදියේ කෙනෙකි.. ඔබට පුංචි කෙනෙක් ඉන්නවා නම් ඔබ ඉතාම වාසනාවන්තය.. නැත්නම් ඔබට ඉතාම වටින කෙනෙක් මේ ජීවිතයේදී මග ඇරී තිබේ..
එතකොට ඔබ මේ වෙද්දි පුංචි කෙනෙක් නම් හෝ ඉදිරියේදි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔබ මේ කියවා අවසන් කල අකුරක් අකුරක් ගානෙ හරියටම හරි බව ඔබට අවබෝධ වනු ඇත..
මේ කතාව, පුංචිලා වෙනුවෙනි.. ❤️
(උපුටා ගැනීමකි).