Wednesday, November 27, 2024
Follow Us
රෝස පැලේ

" මගේ රෝස පැලේ මල් දාලා.ආන්ටි එන්නකෝ මෙි බලන්න " නර්මදා ගේ හඬ ඇසුණු තෙන්නකෝන් නෝනා සාලෙන් පිටතට අඩි තැබුවාය.දින කිහිපයකට උඩදී නර්මදා ට නුවරඑළියෙන් ලැබුනු රෝස පැලය නිවස ඉදිරිපිට පැල කලා ඇයට මතකය.


" ලස්සනයි නර්මදා.ඔයා ඔය පැලයට සාත්තු කල එක තමා " තාප්පයට අතක් තියාගත් තෙන්නකෝන් නෝනා මල් පැලයදෙසත් පාර දෙසත් බැලුවාය.
" මට හරිම සතුටක් දැනුනෙ.මල් කියන්නෙ අපෙ ජීවිත නිවන දෙයක් "
" ඔව්.ඒත් ඔය ළමයා ඇවිලිල නෙවෙිනෙ ඉන්නෙ " තමන් ගේ කටින් වැරදි වචනයක් පිට වුනාදැයි නර්මදා සිතුවාය. බෝඩිමෙි ජීවිතය මෙි වන විටත් අසීරු කාලයක් වුවද තෙන්නකෝන් නෝනාගේ කාරුණික බව නිසාම ඇයට මහත් අස්වැසිල්ලක් වූවාය. නිවසින් පැමිණි විටෙක තාත්තා පොල් ,හාල් ටික ගෙනැවිත් දාන නිසා ඇයගේ මුහුණේ මල් පිපෙන්නේය.
" නර්මදා අද දවල් ට අපි චිකන් හදන්නෙ" එසේ පැමිණි දාට පසු සති අන්තයට නම් ඇයට රජ සැලකිලිය.
ඇය ගැන විටෙක නර්මදා හට ඇත්තේ සොවකි.තම පුතු රටින් ගිය දා පටන් මවට ඇමතුමක් නොදෙන එක ගැන ඔී දුකෙන් පසුවූවාය.
" පුතාට වැඩ රාජකාරි බොහොමයි " ඇතැම් දිනෙක ඇය වෙිදනාව සඟවමින් කතා කලද ඇස් කොනේ සිරවුනු කඳුළු කැටය ඇයට පෙනෙන්නේය.
" මාත් හිතන්නෙ නැත්නම් අනිවාර්යයෙන් කතා කරල "
" ඔව්, නර්මදා දන්නවද පුතා හරිම ආසයි ඉස්සර මම එයාව උඩ දානවට "
" ආ පුංචි කාලෙ " ඇය වැඩට ගොස් පැමිණි විටම තෙන්නකෝන් නෝනා පුතු ගැන මාතෘකාව අරඔන අවස්ථා ඔීනෑ තරම්ය.
" අද කටින් එකේ ළමයි කිහිප දෙනෙක්ම අස් කලා ආන්ටි "
" ඔයාගෙ ජොබ් එකට ප්‍රශ්නයක් නෑ නේද ළමයො " ඇය තේ කෝප්පය තොල ගාමින් සිටී.
" නෑ නෑ ඒත් කවුද දන්නෙ "
" හරි ඇගපත හෝදගෙන එන්න.මම අලුවා හැදුවා.තේ ප්ලාස්කුවෙි ඇති "
නර්මදා තම ඇදුම එහා මෙහා කරමින් කාමරයට පැමිණියාය. ඇය තම ජංගම දුරකථනය අතට ගත් අතර එහි මඟහැරිච්ච මැසෙන්ජර් ඇමතුම් කිහිපයකි.
*********************
සුදාරකගේ කටහඬ වෙනදාට වැඩිය වෙනස්ය. මුහුණු පොතෙන් දැන හදුනගත් ඔහු තමන් හට කැමතියි කිව්වෙි කුමක් නිසාදැයි නර්මදා නොදන්⁣නීය.
" මම ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක්.ඔයාගෙ අම්මල මට කැමති වෙයිද "
" ඒත් ඔයාට හොද පෝස්ට් එකක් තියෙනවනේ " සුදාරක පුරුදු වචන ටිකම තෙපලයි.
" සුදාරක අපි අපි දෙන්නව හරියට දන්වනෙවත් නෑ. ඔයාට මුණගැහෙන්න වුවමනාවකුත් නෑනෙ "
එවිට සුදාරක නිහඬය.ඔහු තමන් හ⁣ට කරන්නේ බොරු වක්ද කියා ඇයට සිතෙයි.
" නර්මදා කෑම ලෑස්තියි " තෙන්නකෝන් නෝනාගේ කටහඩ ඈතින් ඇසෙයි.
****************
" පෙෂර් ටිකක් වැඩිවෙලා " වෛද්‍ය සමරවීර තෙන්නකෝන් නෝනාව පරීක්ෂාවෙන් පසු බේත් තුන්ඩුවක් ලියා එය ඇය අතට දුන්නේය.
" ගොඩක් අමාරු වෙලාද ඩොක්ටර් "
" ම් , දුව නේද හොදට බලාගන්න වෙයි මොකක් හරි හිතේ වෙිදනාවකින් ඉන්නෙ මං හිතන්නෙ " ඔහු උපැස් යුවල සකසා ගනී.
එදා නිවසට පැමිණි දා රාත්‍රියෙහි නර්මදා නිදා ගත්තේ තෙන්නකෝන් නෝනාගේ සයනයේය. ඇයව බලාගැනීමට ලැබීම බොහෝ පිනක් ලෙස ඇය සිතූ අතර විදේශ⁣යේ සිටින පුතා ගැන ඇය⁣ට ආවෙි අවෙිගයකි.එදා උදෑසන තරම් නපුරු උදෑසනක් ඇය දැක නැත.
****************
අවට පිරිස් පැමිණ තමන්ට සහය වන අතර තෙන්නකෝන් නෝනාගේ ඥාතීන් පවා මරණය පිලිබද සැලවීමත් සමඟම නිවසට පැමිණියේ විලාප දෙමිනි.
"අක්කා හරි දුකෙන් හිටියෙ පුතා ගැන " එක් තැනැත්තියක් හඬිමින් පුටුවක් මතය. සිගරට්ටුවක් පත්තු කරගත් තෙන්නකෝන් නෝනාගේ බාල සොහොයුරා යසරත් අහස දෙස බලා සිටී.
" අංකල් පුතා ට කිව්ව ද මෙික ගැන "
නර්මද ගේ ඇස්ද හීන් ව ගොසිනි.
" ඔව් අද හවස එනව කිව්ව "
ඇය හුස්මක් පිටකර දැමුවෙි වෙිගයෙනි.
තම ජංගමයට සුදාරකගෙන් ඇමතුම් ගණනාවක් ලැබුනද ඒවාට ඇය පිළිතුරක් නොදුන්නේ වෙිදනාවෙන් සිටි අවස්ථාවක් නිසාමය.
සවස් කාලයේ මරණ ගෙදර පැමිණෙන පිරිස වැඩි වූ අතර එක්වරම පැමිණි ජිප් රථයක් මිදුලට ඇතුළු විය.එයින් බැස ගත් කඩවසම් තරුණයා වෙිගයෙන් දිව විත් ඇගේ නිසල දේහය අසල දණ ගසා හඩන්නට පටන් ගත්තේය.
" ඒ පුතා " එකියක කියනු නර්මදාට ඇසුනාය.
ඉන්අඩ හෝරාවකට පසු එම තරුණ තෙම ඇය අසලට පැමිණියාය.
" ගොඩක් ස්තුතියි නර්මදා අම්මව බලාගත්තට "
" තෙන්නකෝන් නෝනා නැතිවුනෙ පුතා කතා නොක වෙිදනාවට "ඇය ඉකි ගැසුවාය.
එකිනෙහි සොවින් මෙන් තරුණයා තම ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාදුන්නේය.
" ටී ං ටී ං " නාදවූයේ නර්මදාගේ ජංගම දුරකථනයයි.
" දෙයියනේ සුදාරක.ඒ ඔයාද "
" නර්මදා " දෙදෙනාගේ ඇස් අදහා ගත නොහැකි විය.
" සමාවෙන්න නර්මදා " ඔහු පවසන්නට ආ දේ ඇසීමට ඇයට වුවමනාවක් නැත.කාමරයට වැදුනු ඇය තම බඩු මුට්ටු පැක්කරගෙන පැමිණියාය.
"ඔයා කොහෙ යන්නද "
කිසිත් නොකී ඈ සාලෙන් එපිට කොරිඩෝව අසල බදුනේ රෝස පැලේ තිබුනු පෝච්චියද සිලි උරයකට දමාගත්තාය.
©නදීෂ නිර්මාණ ⁣හේරත් - ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)