උත්තර් ප්‍රදේශයේ එක්තරා ගම්මානයක චෝමලී නමින් සුන්දර යුවතියක් ජීවත්වුනා.ඇයගේ පියා රන්කරුවෙක් වූ මගෝද්.ඇය ,පියාගෙ වැඩ වලට උදව් කරන්නට වුනා
" දුව චෝමලී ,පහුගිය කාලය පුරා නුඔ මට උදව්කලා වෙහෙසක් දැනෙන්නෙ නැද්ද "
" පියා හට උදව් කිරීම දියණියකගෙ යුතුකම නොවෙිද.හැරත් මව නැති මට ඔබ පමණයි නෙ " මගෝද්ගෙ බාල පුතා වන චානු ඒ දෙස බලාගෙන සිටදිව ආවා.චානු හැමදාම නිදාගත්තෙ චෝමලී ගෙ උණුසුමෙි.නිවසේ පාළුවත් තනියකමත් නැතිකරන්නත් නිවසෙහි හැදුන ගිරවෙක් හිටිය.චෝමලී මෙි පක්ෂියට සැලකුවෙ පවුලේ කෙනෙකුට වගේ.
" අක්කා ගිරවට මෙච්චර ආදරේ ඇයි " චානු ගිරවව සුරතල් කරන සෑම විටම චෝමලී හට ආඩපාලි කියන්න වුනා.ගිරවා ඒ වචන ටික ආපහු කියන්න වුනා.ඒ වෙලාවට චෝමලීකලේ සොහායුරාගෙ හිස අතගාපු එක.ඒත් චානු නම් පොඩ්ඩක්වත් ගිරවටකැමති වුනේම නෑ.
කාලය ගෙවිල ගියා.මගෝද්ගෙ ස්වර්ණාභරණ ඇනවුමක් නිසා ඔහු හට එම භාණ්ඩ භාර දීමට මහාරාෂ්ට්‍රවට යන්න වුනා.ඔහු පිටත්වුනෙ චානු සමඟ.මෙි නිසාම එදා නිවසෙ තනිවම කාලය ගතකරන්නට සිදුවුන චෝමලී රන් කාමරයෙ දොර අගුළු දාලා නිවස තුලට වැදුන.ගිරවත් විටින් විට ඇයගෙ පාළුව යන්න ගීත ගැයුව.
රාත්‍රිය උදාවුනා .මගෝද් එක්කම සහයට හිටපු ලාමා කියන කුරු මනුස්සයා එදා ඔහු නිවසෙ නැතිබව දැනගෙන රන් කාමරයට පනින අදහසින් ගෙවත්තට ආවා.ගිරවගෙ කුඩුව තිබුනෙ ගෙදර ජනේලයට මුහුණ ලා.ඉතින් ගිරවා ලාමා ගේ ළගට එත්දිම මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.නිදියහනෙ හිටපු චෝමලී නැගිටල එත්දි ලාමා මහ හයියෙන් දුවන්න වුනත් ඇගේ කෑ ගැහිල්ලට ලාමාව අල්ලගන්න අසල්වැසියන්ට හැකිවුනා.
පහුවදා ගෙදර ආපු මගෝද් දැක්කෙ ගේ මිදුලෙ තල් ගහේබැදල ඉන්න ලාමාව.ඔහු ගිරවා හට හොදින් සලකන්න වුනා.
" උඔ මගෙ රන් කාමරය බෙිරා දුන්නා.හෙට ඉදන්ම මම උඔට ඉන්න රන් කූඩුවක් හදනව " ඒත් තාත්තත් ගිරවට සලකන්න යන එක ගැන චානු නම් හිටියෙ නෝක්කඩුවෙන්.
දවසක් මහ රෑක චානු ගිරා කූඩුව අරගෙන එලියට බැස්සා.ඔහු කූඩුව අරගෙන නිවස පසුපස කන්ද වෙත යන්නට වුනා.
" ගිරවො උඔ ගෙදර ඉන්නකන් මට එයාලගේ ආදරය අඩුවෙන් දැනෙන්නෙ " එහෙම කියපු චානු කූඩුව අරන් යත්දි එකපාරටම කකුල පැටලිලා කූඩුවත් ඔහුත් ප්‍රපාතයට වැටුන.කූඩුවෙ අඟුල ඇරිච්ච නිසා ගිරවා ඉන් එලියට ආවා.ඌ දැක්කා චානු ප්‍රපාතයට නොවැටෙන්න කුඩා ලී දණ්ඩක් අල්ලගෙන ඉන්න ආකාරය.
"මාව බෙිරගන්න...කවුරුත් ...නැද්ද " ඔහු කෙදිරිගාන්න වුනා.
ගිරව උදව් ඉල්ලලා හයියෙන් කෑ ගැහුව.බැරිම තැන ආපහු නිවසට ගිහින් චෝමලීගෙ කාමරේ ජනේලයට කොටන්න වුනා.ඇය අවදිවුනා.පියාවත් අවදිකරවගෙන ගිරවා පිටත්වුන පාර දිගේ කන්ද පැත්තට ගියා.
" දෙවියනේ මගෙ පුතේ " මගෝද් අමාරුවෙන් ,ප්‍රපාතයට බැහැල තම පුතාව බෙිරගත්තා.ඔහු හඬන්න වුනා.කොරගහමින් පැමිණ චෝමලී ගේ උරහිසේ වහල හිටිය ගිරව දෙසට අත දිගුකලා.
" උඔ ගෙ ජීවිතය නැතිකරන්නට ගිහින් මට මගේ ජීවිතය නැතිකරන්න තිබුන ගිරවො....මට සමාවෙයන් "
එකිනෙහි ගිරවා මුල්වරට චානුගෙ උරහිසේ වැහුව.ඌගෙ එක ඇහැක සියුම් කඳුලක් වැටෙනව චෝමලී යාන්තමට දැක්කා.
නදීෂ නිර්මාණ හේරත් ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)