Saturday, April 20, 2024
Follow Us
රුවල් නැව

" පැය ගානක වෙලේ ඉදන් ඔබ ඔය රුවල් නැව පින්තාරු කරනව"


සමාජ ශාලාවට ගොඩවුනු හෙන්රික් දිහා එහි බීම පිළිගන්වන බිලී බලාගෙන හිටිය.
" ඔව් පුතා.මෙික පොඩි ඉවසීමකින් කරන්න ඔින දෙයක් "
බිලීට එකපාරටම හිනා ගියා.
" ඒත් මම දැක්ක ඔය නැවට අත තියන්න ආපු කෙනෙකුට කණ පුපුරන්න පාරක් ගැහුවා "
" ආහ් ඒක තමයි මගේ ඉවසීම කෙළවර"
බිලීට මෙි කිසිම දෙයක් තේරුනේ නෑ.සමාජ ශාලාවෙිදී මධ්‍යම රාත්‍රිය වන්නට ගොඩවුනු ප්‍රදේශයේ නගර ආරක්ෂකයන් පැමිණ හෙන්රික්ව අල්ලාගෙන ගියා. බිලී ඒ දෙස පුදුමයෙන් බලා සිටියා.
පසුවදා සමාජ ශාලවට හෙන්රික්ගේ හොදම මිතුරා රාවෝ ආවා.
" ඊයෙ ඔබෙි මිත්‍රයා ව පොලීසියෙන් අල්ලාගෙන ගියා ආරංචිද "
" හම් ඔව් පෙරදා සවස ඔහු තමන්ගේ අසල්වැසියාව ට වෙඩි තියල⁣"
" දෙයියනේ "
" පුදුමෙ කියන්නෙ තුවක්කුවනැති නිසා ඔහු බෙිරෙයි"
ඒ අතරතුර බිලී හෙන්රික් පින්තාරු කරමින් සිටි රුවල් නැව රාවෝ අතට දුන්නා.
" මෙික හෙන්රික් මහත්තයගෙ " රාවෝ එය එහා මෙහා කරන විට එහි කුඔ ගහ කැඩී කොටසක් බිම වැටුණ අතර එයින් කුඩා පිස්තෝලයක් එලියට මතුවුනා.
" එහෙනම් මෙි මනුස්සය මුළු රෑම කරල තියෙන්⁣නෙ මෙික හංගන එක "
බිලී නළලෙ රැළි නංවා ගත්තා.
සමහර දේවල් මතුපිටින් පෙනුනට එහි ලොකු ගැඔුරක් තියෙනව. ඒ නිසා මතුපිට තියෙන්නෙ මුලාව වෙන්න පුළුවන්.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර නිර්මාණයකි ( කතෘ අයිතිය සුරකින්න)