මැටිල්ඩා ගෙ වාහනය ලොකු වැස්සකට අහුවුනා.ඇය මාර්ගය අසල තිබුනු තානායම වෙත එය ගෙන ගියා.
" අයහපත් කාලගුණයක් නේද නෝනා " පිලිගැනීම් කවුන්ටරයේ තරුණිය සිනාසුනා.ඒ එක්කම අසළ තවත් මහත්තයෙක් බෑගයක් සමඟ සිටගෙන සිටියා.
" ඔව් මට පුළුවන් ද අද රෑට නවතින්න මෙහෙ.වැස්ස නිසා යාමට අපහසුයි නැවත නගරයට " ඇය තෙමිච්ච හිසකේ අතින් සකසා ගත්තා.
" බොහොම කණගාටුයි නෝනා.අර මහත්තයා තිබිච්ච අන්තිම කාමරේටත් ගෙව්ව " මැටිල්ඩා ඔහු අසලට ගියා.
" හොදයි ඔබ කැමති නම් අපි එක කාමරය බෙදා ගමු " රිචීගේ කතාවට ඇය බිය වුනත් පසුව කැමති වුනේ අසල රේඩියෝවෙන් ඇහුන පුවත නිසා.
" ගංගාව පිටාර ගැලීම නිසා පාලම ජල පාරට ගහගෙන ගොස් ඇත.එය යථාතත්වයට පත්කිරීමට හෙට දවස වනතුරු සිටීමට සිදුවිය හැක"
****************
කුඩා කාමරය තුලට පැමිණි දෙදෙනාම එදා රැය එහි පහන් කලා.ඔහු නිදාගත්තෙ කාමරේ තුල වූ ඩිවානයේ.පසුවදා උදෑසන බලන විට ඔහුව දකින්න ලැබුනේ නෑ.රිචී ගේ කුඩා ලියුම් කවරයක් අමතක වි මෙිසය උඩ තිබුනා.
" නෝනා මුදල් සියල්ල ඒ මහත්තයා ගෙව්වා " මැටිල්ඩාට ඔහු ගැන ලොකු ගෞරවයක් ආවා.ඇය තානායමෙන් පිටත් වුනේ ඔහු ගැන තමන්ගේ අදහස පවා හෝටලේ අදහස් පොත මත තබමින්.
ඇය නගරයට පැමිණි පසු අර ලියුම් කවරය රිචී වෙත දෙන්න එහි සදහන් ලිපිනය වෙත ගියා.
" ඔහ් ඔබ ලොකු උදව්වක් කලේ.මෙි ඔහුගේ වෛද්‍ය වාර්තාව " ඔහුගේ සොහොයුරිය පැවසුවා.
" ඇයි ඔහුට මක්වෙලාද "
" විටින් විට ඔහුගේ යටි කය පණ නැතිවෙනවා "
©නදීෂ නිර්මාණ හේරත්