Saturday, April 20, 2024
Follow Us
ජොසපිනා

එක්තරා කාලෙක ජොසපිනා කියල ගෑණු ළමයෙක් හිටියා.ජොසී දවසක් වැඩට යන්න යන මඟදි සපත්තුව පටිය කැඩුනා.


"අනේ දැන් මොකද කරන්නෙ " ඇය විපළිසර වුනා.
ඇගේ අසල්වාසිය නියෝන් මහත්තයා උදේ තමන්ගෙ ගොවිපලෙන් බිත්තර අරන් නගරයට යන්න වාහනයට නගින්න යනකොට ඇයව දැක්කා.
"ජොසී මොකක් හරි ප්‍රශ්නයක්ද "
" මගෙ සපත්තුවෙ පටිය කැඩුනා. ආපහු හැරිල යන්නත් බෑ ඉහි ඉහි " ඇය අඬන්න ගත්තා.
" අඬන්න එපා. මෙි වගේ වෙලාවටත් අසල්වැසියෙක්ගෙන් උදව්වක් නැත්නම් වැඩක් නෑනෙ "
නි⁣යොන් වාහනේ ඇතුලෙන් කුඩා පටියක් රැගෙන ඇවිත් ඇගේ සපත්තුව හදලා දුන්නා.
" ගොඩක් ස්තුතියි මහත්තමයා. ඔබ අනෙක් පිරිමි වගේ නෙවෙි හොද මහත්මා ගති ඇත්තෙක් . ප්‍රමාද වුනා නම් මගෙ පඩියත් කපනවා "
ඇය තමන්ගෙ දුරකථන අංකය අඩංගු කාඩ් පත ඔහු වෙත දිගු කලා.
ඇය නොපෙනී යන තුරු බලා සිටි ඔහු එය අසල කුණු බක්කිය තුලට දමා මෝටර් රථයට නැග්ගා.

Nadisha Nirmana Herath