එක්තරා කාලෙක ජැසී නමැති චිත්‍ර ශිල්පිනියක් හිටිය.ඇය වරක් තමන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවත්වුවා.එය සදහා විශාල පිරිසක් පැම්ණ සිටියා.
" අත්‍යලංකරණයි ඔබගේ චිත්‍ර " ඇයගේ චිත්‍ර අගයමින් කිහිපදෙනෙක් ඇය සමග කතා කලා.
" ස්තුතියි ඔබලාට " ඇය තුති පුදකලා.ඇතැම් චිත්‍ර වටිනාකම අනුව විශාල මිලකට විකිණුනා.ඒ අනුව ඇයට ඉතිරිවුනේ එකම චිත්‍රයක් පමණයි.
" මම කැමතියි මෙි චිත්‍රය ගන්න "මැදිවියේ ව්‍යාපාරිකයෙකු වූ ජෝසප් කලාගාරයේ කොනක සිට පැවසුවා.
" සමාවෙන්න මහත්මයා ඒක කරන්න බෑ "
ඇය හේතුව විදියට කිව්වෙ තමන්ගෙ කැමතිම චිත්‍රය එය වීමයි.
" මම තව වැඩි ගානක් දෙන්නම් "
ඇය දිගින් දිගටම ප්‍රතික්ෂේප කලත් අවසානයේ ඊට එකඟවෙන්න වුන.
" හොදයි මට මෙය මිළදී ගන්න පෙර මෙම චිත්‍රයේ තේරුම කියනවද "
ඇය වික්ෂිප්ත ඔහු දෙස බැලුව
" තේරුම එකිනෙකා දකින විදිහ"
ව්‍යාපාරිකයා ඇයගේ කතාව පිලිගත්තේ නෑ.අන්තිමෙිට ඔහු චිත්‍රය ගැනීම පසෙකලා යන්න ගියා.ව්‍යාපාරිකයා කලින් ඇයට පොරොන්දු වූයේ ඇගේ කලින් චිත්‍ර සියල්ලටම වඩා වැඩි ගානක් දී මෙය මිලට ගන්නයි.
" මොකද වුනේ " ඇගේ සහයිකාව එතැනට වුනා.
" ඒක වෙන්නෙ නෑ තේරුම රසවින්දනයක්වත් නැති අයෙකුට මෙි චිත්‍ර දී කොච්චර මුදල් ගත්තත් වැඩක් නෑ "
ඇය පැවසුවා.
ඇතැම් නිර්මාණ වල තේරුම එහි රසවින්දකයා සතු එකක් වන අතර එය පොදු එකක් නොවිය හැක.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)