Thursday, March 28, 2024
Follow Us
මිතුරකු උවමනාය......

? උදේට මුහුණට මුණ ගැසුන විට ගුඩ් මෝනිං නොකියා ගියානං..... "උගෙ තියෙන ගණකම.." යි කීමට නොව, ටිකකින් ළඟට විත් උරහිසට අත තබා "ඇයි මොකක්හරි අවුලකින්ද...." යි ඇසීමට ......


? හිත පුපුරා හැලෙන තරම් සතුටක් ඇතිවූ විට ඒ සතුටු ආරංචිය අසා මටත් වඩා සතුටු වන බව ඉන්තේරුවෙන්ම දන්නා නිසා වහාම දුරකථන ඇමතුමක් දී සතුටු ආරංචිය කීමට මතක් වන .......
? උදේ පාන්දර ද.. දවල් ද... රෑ මැදියමේ ද... මගේ ඇමතුමක් නම් ආන්සර් කරන බව සහතිකෙන්ම දන්නා නිසා ඕනෑම වේලාවක ඇමතිය හැකි ......
? මට සවන් දී .. අනතුරුව එය තවෙකෙකු සමඟ කියන්නේ නැති බව සහසුද්දෙන්ම දන්නා .....
? රාජකාරි, පවුල් බර, වගකීම්, යුතුකම්... සියල්ල මොහොතකට පසෙකින් තබා, පිස්සෙක් වගේ... පිස්සෙක් වගේ... සිනාසිය හැකි ......
? මා විනිශ්චය නොකරන බැවින් ඕනෑම දෙයක් පමණක් නොව, සිතුවිල්ලක් ද, හැඟීමක් ද එපරිදිම පැවසිය හැකි .....
? කොටින්ම බොරු කියන්න, රඟපාන්න, වැදගත් විදිහට හැසිරෙන්න .... ඕනම නැති ......
? නිදහසේ ඉන්න පුලුවන් තැනක්.....
? පරාජයක දී, අහිමි වීමක දී, සිත් තැවුලක දී... දුක බෙදා ගැනීමට පමණක් නොව, ජයග්‍රහණයේ දී සතුට බෙදා ගැනීමට ......
? මට මිතුරා දැනෙන්නේ යම්සේද.... මිතුරාට ද මා එලෙසින්ම දැනෙන ......
මිතුරකු මට උවමනා ය.!
මිතුරකු ඔබට උවමනා ය !!
අප සැමට උවමනා ය. !!!
- තිලිණි සුරංගිකා කරස්නාගොඩ