Friday, April 26, 2024
Follow Us
ගුප්ත

පිරිමි කියන්නෙ අතිශය ගුප්ත අය කියල කාන්තාවගේ නිතර නැගෙන මැසිවිල්ලට හේතුව පිරිමින්ගෙ මතුපිටින් පේන ස්වභාවය කිව්වොත් හරියට හරි.ගැහැණිය නිරන්තරයෙන්ම වැඩි කතාවට බර කෙනෙක්.ඇය ඇගේ දවසේ සියළුම ⁣සිදුවීම් රාත්‍රිය පුරාම පිරිමියා සමඟ තෙපලන්නට කැමති අතර පිරිමියා එය අසා සිටීම ඇයගේ අභිප්‍රායයි.


පිරිමියා විටෙක හුදෙකලාව සිටින්නට ප්‍රිය කරන්නේ ඔහු සිතනවා.එවිට තමන් සිටින කාර්යබහුල ජීවිතයේ ඉසිඔුලක් ලැබෙයි කියා.නමුත් මෙය ගැහැණිය තේරුම් ගන්නේ වෙනස් ආකරයට.ඇත්තටම සැමියාගේ ගුප්ත හැසිරීම තේරුම් ගන්නට නොහැකි බව ඇය තමන්ගේ පාර්ශවයෙන්ම පිලිතුරක් සොයන්නට වෙර දරනවා.මෙහිදී ඇයත් ඇති ප්‍රශ්නය ඒක නම් හරි පිළිතුරක් සොයාගන්නට අසමත් වෙනව.පිරිමියා ඔබගේ වැඩි කතාව ඉවසයි නම් පිරිමියා සතුව මතුපිටින් පෙනෙන ගුප්ත ස්වභාවය ඉවසිය යුතු වනවා.මන්ද එය කලකදි ඉස්මතු වී කලකදී පහව යන බැවිනි.
නදීෂ නිර්මාණ හේරත්
Nadisha Nirmana Herath