එක්තරා කාලෙක ලැමැන්සා කියල තරුණියක් හිටිය.ඇය පවුලෙ එකම දරුවා වුනු හින්දම දෙමාපියන් පවා ඇයගේ හුරතලයට කන්දෙන්න වුනා.
" ලමැන්සා ඔහොම නිතරම ඇවිද ඇවිද ඉන්නවට වඩා හොද නැද්ද රස්සාවක් කරන එක " ඇගේ මව වූ සැලීනා දවසක් පුංචි නෝක්කාඩුවක් කලා.ඇය ඒක හිතට ගත්තා.ඒත් ඒ ගැන හිතල ගියේ දවස් දෙක තුනයි.
" හොදයි මම හෙයාගන්නම් අගේ ඇති රස්සාවක් " ඇය එලෙස පවසමින් නගරයට ගියා.හීන් වැස්ස හින්දම ඇය තමන්ගෙ කුඩය ඉහල ගත්තා.නමුත් වැස්ස තදින් වහින්න වුනා.එක්වරම ඇගේ කුඩය ඉරී යන්න වුනා.
" අනේ " ඇය වැස්ස අවසන්වුනු විට කුඩා ගොඩනැගිල්ලෙහි ඉදිරිපසට වී බලා සිටියා.
" මෙි දරුවා මොකද තනියම " ඇය අසල ට ආ වියපත් මිනිසා ඇසුවා.ඇය කිව්වා තමන්ටවුනු අකරතැබ්බය.ඔහු ,ලැමැන්සා ව නගරයේ කොනක සිටි කුඩ සාදන්නෙක් ලගට ගෙන ගියා.
" මහත්මයා පුළුවන් ද ඇයට උදව් කරන්න " කුඩ සාදන මයින්දු ඇස් හරවා ඇය දෙස බැලුවා.
" හොදයි.නමුත් ඒකට දින දෙක තුනක් යයි "
"දින දෙක තුනක්.දෙයියනේ.එතකොට මම කෝමද ගෙදර යන්නෙ"
මයින්දු කුඩය හදනකන් පාවිච්චියට කුඩයක් දුන්නා.ඇය ගෙදර ගියා.
********************
හරියටම දවස් දෙක තුනකට පස්සෙ ඇය තම කුඩය ඔහුට කියල හදාගත්තා.කාලයගෙවිල ගියා.ඔය අතරෙ දවසක ලැමැන්සා තවත් වැහි දවසක තමන්ගෙ කුඩය ඉදිරිපස තියල සාප්පුවකට ගියා.
" නෝනා හරි වටිනා කුඩයක්නෙ පාවිච්චි කරන්නෙ.ඇත්තටම ඒක කොහෙන්ද "
" ඇයි ඒක මගෙ කුඩය"
සාප්පු හිමිකාරයා කිව්ව දෙයින් ඇය බියවුනා.ඒක රන් ආලේපිත කුඩයක් බව ඇය දැනගත්තා.
" මොකක්හරි වැරැද්දක් වෙලා " ඇය කල්පනා කරන්න ගත්තා.ඇය නැවත කුඩ හදන්නාව හම්බෙන්න ගියත් ඇයට ආරංචි වුනා ඔහුව මාලිගාවට කැදව ඇති බව.
" රාජ කුමාරිගෙ කුඩය හදන්න දුන්නම සොරකම් කරලා " නගරයෙ අය කිව්වෙ ඔහුට මරණ දඬුවම ලැබෙයි කියලයි.ඇය ගෙදරට ගිහින් තමන්ට සිදුවෙච්ච දේ අම්මටයි තාත්තටයි කිව්ව.දෙන්නම දෙවියන්ට ස්තුතිවන්ත වුනා.
" අනේ අපේ කරදර ඉවරයි " එහෙත් ඇය විසින් සියල්ල පසෙකලා කුඩය රැගෙන මාලිගාවට ගොස් කුඩ සාදන්නාව මරණයෙන් බෙිරාගත්තා.
අන්සතු කිසිම දෙයකින් අපට සැනසීමක් ලබන්න බෑ ඒ නිසා තමන් ලද දෙයින් සතුටුවෙන්න.
@නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)