Sunday, May 19, 2024
Follow Us
ලුවී

එක්තරා කාලෙක ලුවී නමැති පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු නගරයේ ප්‍රකට සමාගමක ආහාර අලෙවි ප්‍රධානියෙක්.සමාගම විසින් නිෂ්පාදනය කරන ලද දේ කිහිපයක්ම කාලෙක ඉදන් අලෙවිය බිදවැටිල තිබුන.නිතරමවගේ ආයතනය මෙි ගැන ඔහුට චෝදනාමුඛව කතා කලා


" ලුවී මහත්තයා මෙහෙම ගියොත් ආයතනයේ පඩි පවා ගෙවාගත නොහැකිවේවි " ලුවීගේ ඇස් ලොකුවුනෙ මීටිම ඉවරවෙල එළියට එද්දි.ඔහුට සමාගමේ අයගෙන් විවිධ නෝක්කාඩු අහන්න ලැබුන.
" මහත්තයා මොනවහරි කරන්න " ඇතැම් අය කිව්වෙ තමන්ගෙ පවුල රැකෙන්නෙ මෙි පඩිය නිසාමයි.
" හරි කවුරුත් කලබල නොවී ඉන්න " ඉතින් ලුවී එදා මහ රෑ වෙනකන් සැලසුම් හැදුව.අලුත් දේ ගැන හිතුව.
අන්තිමේදී ආයතනයේ දොර වහන මුරකාරයා
" සර්ට කෝපි එකක් "
ඔහු ඔළුව වැනුවා.
ස්ටීව් කෝපී එක ඔහු වෙත දුන්නා.
" මම ස්ටීව්ගෙන් ඇහුවොත් මහ රෑ වෙනකන් වැඩ කරන නැත්නම් වැඩකරපු ගමන් ගෙදර යන්න කලින් ඔහේ මොනවද කරන්නෙ කියල"
"මම ගෙදරයනව අඩුයි.නිතරම යනව නම් ගෙදර අයට රසවත් කෙටි කෑමක් අරන් යනව.අරන් ගිහින් ඔවුන්ව ඇහැරවල පුදුම කරවනව"
කෝපී බීපු ලුවී නිවසට ගියා.ඔහු එහි යද්දි බිරිඳ සැනා මග බලාගෙන හිටිය.
" මම හිතුවෙ ඔයා වෙනසකටත් එක්ක රහ කෑමක් ගෙනෙයි කියල"
" ම් මට අමතක වුනා"
බිරිද තේ එකක් හදන්න මුල්තැන්ගෙට යද්දි ලුවී කල්පනා කරන්න ගත්තා.
පහුවදා ආයතන ප්‍රධානියා හමුවෙද්දි තමන්ගෙ යෝජනාවක් එක්ක තමයි ලුවී ගියේ.
" මෙික මගේ යෝජනාවක්.මට මෙි දේ හිතට ආවෙ ඊයෙ රෑ " ප්‍රධානියා යෝජනාවට කැමතිවුනා.ඒ ආහාර වර්ගය වෙනුවෙන් සේවකයන් ද වැඩ කරන්න ගත්තා.දින කිහිපයකට පස්සෙ ඔවුන් අතිශය සාර්ථික වුනා
" ඔබගේ අදහස පංකාදුයි ලුවී"
සමාගම වැටී තිබුනු අඩියෙන් ඉහළට යන්න ලුවීගේ අදහසට හැකිවුනා.ඉතින් ඒ නිසාම ආයතනයේ ප්‍රධානියා ඔහුට තෑග්ගක් දෙන්න හිතුව.
" ලුවී මේ ඔබ නැවත අපිව ගොඩ ගත්තාට පුංචිම තෑග්ගක් "
එහෙත් ලුවී එය භාර නොගෙන ආයතන මුරකාරයා ස්ටීව්ට කතා කලා.
" ඇත්තටම මෙි අදහස මගෙ හිතට ආවෙ ස්ටීව් කිව්ව දෙයක් නිසා. ඔහුට තමයි මේ තෑග්ග අයිති.මේ චෙක්පත ඒක මම නෝනට දෙනව මොකද අදහස තවදුරටත් ස්ථාවර කරන දේ කලේ ඇයයි "
හැමෝම ලුවීගෙ නිහතමානීකම අගයන්න ගත්තා.මුලින් ඔහුට චෝදනා කල අය පවා අගය කරන්න ගත්තා.
අපි අමාරු අවදියේ යම්කිසි අලුත් විදියකට දෙයක් ආරම්භ කරල ප්‍රතිළුල ගන්න නම් සමා⁣ජයේ මොනතරාතිරමක හිටිය කෙනෙකුගෙන් වුනත් අදහස් හොදින් ම විමසිල්ලෙන් බැලිය යුතුයි.ලුවී සාර්ථික වුනේ ඒ විදියට.ඒ වගේම ඔහු එම සාර්ථකත්වයට මුල් වෙච්ච අයව පවා අමතක කලේ නෑ
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)