Sunday, May 19, 2024
Follow Us
මැන්ටිලා

එක්තරා කාලෙක මැන්ටිලා කියල කාන්තාවක් ජීවත්වුනා.ඇය නිරන්තරයෙන්ම කලේ තමන්ගේ අසල්වාසී කාන්තාව සමඟ ආරවුල් දාගන්න එක.ඒත් මෙිකට ඇගේ ස්වාමියා රිචඩ් කැමත්තක් දැක්වූයේ නෑ.


" රිචඩ් මට ඔයගෑනිව පේන්න බෑ.එයාට ඔිනා ලෝකෙ ඉන්න ලස්සනම කෙනා එයා කියල පෙන්වන්න"
ඇය තම අසල්වාසී මිනිපීඩාගේ වැරදිම කතාකරන්න වුනා.
" ඔයත් ගෑනියෙක් එයත් ගෑනියෙක්.ලස්සන කැත මොනවද ඔයා ඔිම තරහගත්තොත් වයසට යාවි "
ඒත් මැන්ටිලා නම් තම ස්වාමියා කියන දේ ඇහුවෙ නෑ.ඇය ⁣අසල්වාසිනිය ගැන නොසතුටින් කල්ගෙව්වා.
" මැන්ටී මැන්ටී " දවසක් මිනිපීඩා උදෑසනක රසවත් ආහාරයක් ඇයට ලබාදුන්නා.
" බලන්න රිචඩ් අද එයා මට දුන්න චපාති එක.ඒක එච්චර රස නෑ.ලැජ්ජා නැද්ද මන්දා" ඇය චපාති කමින් මිනිපීඩාට බැන වැදුණා.
" අනේ මන්දා" රිචඩ් තමන්ගෙ පාඩුවෙ වැඩ කරගෙන හිටියා.
දවසක් මැන්ටිලා ගෙදර උයමින් ඉද්දි තමන්ගේ ගෙදරට ඇතුලෙ පිටිපස්සෙන් දුමක් නැගෙන්න ගත්තා.
" දෙයියනේ මොනව වෙලාද " ඇයට කිසිවක් හිතාගන්න බැරිවුණා.ඇය මහ හයියෙන් කෑ ගැහුවා.කලබලයට ගෙදර දොර පවා ඇරගන්න බැරිවුනා.මෙි සද්දය ඇහුන අසල්වාසී මිනිපීඩා දුවගෙන ආවා.
එ වෙද්දි ගෙදර දුම් ඇවිලෙමින් ගිනි ජාලා උඩට නැගෙමින් තිබුනා.මිනිපීඩා කවුළුව කඩා එතුළින් පැමිණ මැන්ටිලාව වත්තම් කරගත්තා.
" බයවෙන්න එපා" ඒ අනතුරෙන් ඇයව ගලවගත්ත ඇය මැන්ටිලාව ටිකක් ඈතට ගෙන ගියා.ඇගේ දෑස් ඉදිරිපිටදීම මුළු නිවසම ගින්නෙන් අළුවුනා.
රිචඩ් පණිවිඩය අහගෙන ගෙදර එද්දි මැන්ටිලා හිටියෙ අසල්වැසි නිවසේ.
" අපිට ඔක්කම නැතිවුණා රිචඩ් " රිචඩ් ලොකු හුස්මක් පිට කලා.
" ඔව් ඒත් ඔයාට හොද අසල්වැසියෙක් ඉන්නව කියන දේත් ඔයා දැනගත්තනේ "
මැන්ටිලා,මිනිපීඩාගේ අත අල්ලාගත්තා
අපි නිරන්තරයෙන් වැරදි දකින අය ඇතැම්විට අපගේ ගැලවුම්කාරයන් වෙන්න පුළුවන් .ඒ හින්දම සෑම කෙනෙකු දෙසම ස්වාධීනව බලන්න පුරුදු වෙන්න.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර නිර්මාණයකි (කතෘ අයිතිය සුරකින්න)