Thursday, March 28, 2024
Follow Us
ඇන්ඩොමෙන්ඩා

එක්තරා කාලෙක ඇන්ඩොමෙන්ඩා නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු තමන්ගෙ සම්පූර්ණ ජීවිතයම කැප කලේ ලෝකයටම යහපතක් කරන්න නිර්මාණයක් හදන බලාපොරොත්තුවෙන්


" ඇන්ඩො ඔය විකාර අදහස අතහැරල දානව අයිසෙ ඒකෙන් ඔහෙගෙ කාලය යන එක විතරයි වෙන්නේ " ඔහුගෙ කාර්යාල මිතුරා විනිඩ් ඇන්ඩොට කිව්වත් ඇන්ඩො ඒ උත්සාහය නතර කලේ නෑ
" ඇන්ඩො ඔයා දැන් මම ගැන සැලකිලිමත් නෑ " දිනයක් ඔහුගෙ පෙම්වතිය ලාරා ඔහුගෙ අතට ලිපියක් ගෙනැත් දෙනව.ඔහු එය දිග හරිනව
"ක්ලිපඩ් හා ලාරා විවාහ මංගල්‍යය" මෙික දැකපු ඇන්ඩො දුකෙන් ඇය දිහා බලනව.
" ඔයාට තිබුන ටිකක් ඉවසන්න ලාරා"
" ඒත් ඩැඩීලා ඔයා ඔය නිර්මාණය කරල ඉවරවෙනකන් ජීවත්වෙයිද.එහෙනම් මම ඔබට සුභ පතනව ඇන්ඩො " ඇය ඇන්ඩොව හැරදා ගියත් ඔහු ගේ පිස්සු අදහස් යැයි කියා ඇය නිතර කියා තිබුණු නිසා මේ ගැන ඇය තැකීමක් කලේවත් නෑ.
කාලය හෙමින් ගෙවිල ගියා.
එක්තරා උදෑසනක ඇන්ඩොගෙ අර නිර්මාණයෙ ප්‍රතිඵල ඔහුට ලැබුන.තමන්ගෙ මතකයෙ අමතක වෙච්ච දේවල් නැවත ස්මරණය කරන්න පුළුවන් විදිහෙ කුඩා මංජුසාවක් තමයි ඔහු නිෂ්පාදනය කරල තිබුණෙ.
ඇනිඩොගෙ නිර්මාණයට රටෙි ලෝකෙ හැම තැනින්ම ප්‍රතිචාර ලැබුන.ඔහු වෙිගයෙන් ධනවතෙක් වුනා.ඔහුගෙ අර මිත්‍රයාවිනිඩ් පවා පුදුම වුනා.
" ඇන්ඩොමෙන්ඩා මහත්තයා ගැන මට ගොඩක් සතුටුයි "විනිඩ් ඔහුව මුණගැහෙන්න ඇවිත් පැවසුවා.
දිනක් ඇන්ඩොමෙන්ඩා තම රියදුරා සමග ඒක්තරා උත්සහයක ආරාධිත දේශනයට යන ගමන් තම මෝටර්රථය මාර්ගයේ තදබදයක නැවතුව වෙලේ වීදුරුව පහලට කලා.
" අර කවුද මනුස්සයෙක් අර අසරණ ගෑනු කෙනෙක්ට පහර දෙනව " ඔහු කෑ ගහල කිව්ව.රියදුරා ත් වාහනය නතර කරල ඒ පැත්තට දිව්වා.ඔහුත් දැන් ඒ පසුපස.
පහර දෙමින් සිටි පුද්ගලයා ඉවත්වෙල තිබුන.කෙස් රැලි අතරින් ඇය කවරෙක්දැයි දැනගත් ඇන්ඩොමෙන්ඩා ,
" ඕහ්ලාරා ඔබ "
" ඇන්ඩො " ඇයගේ හිස කේ පහලට වැටී ඇදුම පවා ඉරී තිබුනා.ඇන්ඩො තමන්ගෙ වාහනයෙන් ඇයව නිවසට රැගෙන ඇවිත් ඇයට සියලු සත්කාර ලබාදුන්නා.
" මට සමාවෙන්න ඇන්ඩො ඔබව විශ්වාස නොකලට ක්ලිපඩ් මට ලොකු වදයක් දුන්නා."
ඇය ඔහු අසලට විත් ඇගේ නෙත් ඔහු දෙස බලා සිටියා.
" ඇන්ඩො ඔයා ආවද " ඇන්ඩොගේ බිරිඳ ඉදිරියට එනවිට ඇය මෑත්වන්නට වුනා.
කෙනෙකුගේ උත්සාහය සපලවනතුරා සමාජයට ඔහු ගුප්ත අයෙකු වුවද එය සාර්ථක වූ විට නැතිවී ගිය දේ නැවත ලැබීමට පටන්ගනී.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර නිර්මාණයකි (කතෘ අයිතිය සුරකින්න)