Saturday, April 27, 2024
Follow Us
හෙල්මට් දාගෙන උයන එක

ගෘහනියක් හෙල්මටයක් දාගෙන කෑම උයපු නිසා තමන් ගෑස් අනතුරෙන් බේරිච්ච බව කියන කතාව සමහර මාධ්‍ය සමාජ ගත කරන්න යන්නේ ඒක හොද දෙයක් බව.නමුත් මම නම් හිතන්නෙ ඒක එච්චර හොද දෙයක්නම් නෙවෙයි.හරියටම කිව්වොත්ගෑස් නිසා තමන්ට විය හැකි අනතුර හරියටම නොදෙන කරන මේ වගේ දේවල් කවදාවත් ආදර්ශයට නොගෙන ආරක්ෂාව ගැන හිතන එක තමයි හොද.


ගෑස් නිසා මූණට විතරක් අලාභ වෙනව කියල හිතන නම් ඒක නොදන්නා කමට කෙරෙන දෙයක්.මොකද ගෑස් කාන්දුවකින් මුළු මුල්තැන්ගෙයම පුපුරලා යනව නම් හොල්මට්දාගෙන විතරක් බෙිරෙන්න පුළුවන් ද බෑනෙ.එහෙම බේරෙන්න පුළුවන් කිහිපදෙනෙකුට විතරයි.හොදම දේ වෙනත් ක්‍රම වලින් කෑම පිසින්න පටන්ගන්න එක.
හෙල්මට් දාගෙන උයන එක ගැන ඇයට හිතෙන්න ඇත්තේ ගෑස් ප්‍රශ්නය නිසා කාන්තාවන් දෙදෙනෙකුගේම මුහුණට හානි වුන හින්ද වෙන්න වෙන්න පුළුවන්.තවමත් මෙහෙම අනතුරට පත්වෙන අයට ලබාදෙන වන්දි මුදල ගැන වගකිවයුතු අංශ හරියටම කියල නැතිවීමත් ප්‍රශ්න සහගතයි.ඒ වගේම ගොඩක් ගෙවල් වල පාවිච්චි නොකළ ගෑස් සිලින්ඩර නැවත භාරගන්න වැඩපිලිවෙලක් ඉක්මනට හදනව නම් හොදයි.මොකද ගෑස් වල ගණන් ගැන අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ.
හිතන්න තියෙන්නෙ ගෑස් නිසා ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියල හිතන එකයි.ඒ හින්ද හැමදේම යථාතත්වයට පත්වෙනකන් ගෑස් ගැන අදහස අතහැර ගන්න වෙනව.ගොඩක් වෙලාවට කෑම කඩ කරන අයට වගේම ගෑස් වලින් විවිධ දෑ කරන අයට තමයි මේක තද පහරක් වෙන්නෙ
නදීෂ නිර්මාණ හේරත් ?️