Friday, April 26, 2024
Follow Us
සැන්පැන්තෝ

එක්තරා කාලෙක එඩ්වින් කියල මහළු ව්‍යාපාරිකයෙක් සිටියා.ඔහු කලේ ජනපදයේ සෑම ඉඩමක්ම වගේ තමන්ගෙ අයිතියට ගත්ත එක.ඔහු ඒ වෙනුවෙන් පවුම් වලින් ගෙවන්න පටන්ගත්තා.


" එඩිවින් අැයි ඔයා එතරම් වටිනාකමක් නැති ඉඩම් පවා පවුම් ගානට මිලට ගන්නෙ "
බිරිද එමලියාගෙ ප්‍රශ්නයට ,එඩ්වින් හිනාවුනා විතරයි.කිසිවක් කීවෙ නම් නෑ.
දවසක් එඩ්වින් අක්කර හතලිහක මුඩු බිමක් ලගින් තම මෝටර් රථය ධාවනයකරත්දි රියැදුරාට කිව්වා නවත්වන්න කියල.
"කාගෙද මෙි ඉඩම "
" මෙික සැන්පැන්තෝ කියල දුප්පත් මිනිහෙක්ගෙ,ලොකු මහත්තයා " රියැදුරාගෙන් සැන්පැන්තෝ ගැන දැනගත්ත එඩිවින් ඔහුව මුණගැහෙන්න යන්න වුන⁣.අබලන් නිවසක සිටි සැන්පැන්තෝ ,එඩිවන් ලොකු ගානකට මුඩු බිම ගන්න යනව ඇහුවහම සතුටු වුනා.
" කොච්චර එකක්ද ලොකු මහත්තයෝ " සැන්පැන්තෝ ගොඩක් සතුටු වුනා තමන්ගෙ මුඩු ඉඩමට ලැබෙන වටිනාකමට.ඔහු ගමෙි හැමෝටම එය නොකියන්න වග බලාගත්තෙ කවුරු හරි මෙිකට ඊරිසියා කරයි කියල.නැවත එන පොරොන්දුව පිට එඩිවින් එතනින් පිටත්වුනා.
එදා හවස් යාමෙි එඩිවින් තමන්ගෙ ගේ කණපිට පෙරලල යමක් හොයනව බිරිද ට කුකුසක් ඇතිවුන.සේවකයින් පවා ඒ ගැන උනන්දු වුනා.
" මොකද්ද අනේ මෙි හැටි කලබලයෙන් හොයන්නෙ " ඒත් ඇයගේ ප්‍රශ්නයට එඩිවින් උත්තර දුන්නෙ නෑ.ඒ වෙනුවට ඔහු ගොඩක් මහන්සියෙන් ඩිවානය මත වාඩි වුනා.
ඊලග සතියෙ සැන්පැන්තෝගෙ මුඩු ඉඩමෙ අට්ටාලයක් හදල තිබුනා.ඒ අට්ටාලෙ ඇතුලෙ හිටපු සැන්පැන්තෝ දවස ගතකරන්න වුනා.ඒ සතියෙ හත්වැනි දවසෙ ඔහු අට්ටාලෙන් එලියට ආවා.ඔහුගෙ අතේ දිලිසෙන යමක් තිබුනා.
ගම්මානය පුරාම සැන්පැන්තෝ සිටුවරයා ගැන කතාබහ පැතිරෙන්න ගත්ත.ඔහුගෙ ඉඩම ගන්න එඩිව්න් මහත්තයා එන දවසෙ සැන්පැන්තෝ හිටියෙ උද්‍යානයට වෙලා මිදි රස විදිමින්
" එඩිවින් මහත්තයා වාඩිවෙන්න ." ඔහු පුදුම වුනා දුප්පත් සැන්පැන්තෝ පොහොසතෙක් වීම ගැන.
" මම හිතන්නෙ අපි එලඔුන එකඟතාවය ඔබට මතක ඇති "
එවර සැන්පැන්තෝ හිනාවුනා.ඔහු තම සේවයෙකු කැදවා කුඩා මුදල් මල්ලක් එඩිවින් ඉදිරිපිට තැබුවා.
" මම ඒ අදහස වෙනස් කරගත්තා එඩිවින් මහත්තයා.ඔබට සිදුවූ පාඩුව වෙනුවෙන් මෙි මුදල ගන්න " එඩිවින් පුදුමයෙන් ඒ මුදල පවා ප්‍රතික්ෂේප කරමින් තරහෙන් එතනින් පිටවෙන්න වුනා.ඒ එක්කම වගේ සැන්පැන්තෝ ගේ සේවකයෙක් කිසියම් දිනපොතක් ගෙන එය එඩිවින් හට ගෙනැවිත් දුන්නා.එඩිව්න් හට කාරණාව පැහැදිලි වුනා.
බොහෝ අයගේ ජීවිතවල රහස් සටහන් කරල තියෙනව.හැබැයි ඒවා අතපසුවීමකින් හෙළිදරව් වීම නිසා වාසි වෙන්නෙ වෙන පාර්ශවයකටමයි.එඩිවින්ගෙ දියුණුවෙ රහස මුඩු බිම් වල තිබුනු මැණික් කියන දේ ඔහු තම දිනපොතේ සටහන් කරල තිබුන.සැන්පැන්තෝ හමුවන්න ගිය දවසේ ඔහු අතින් ඒක වැටිල තිබුන.එය අහුලාගත් සැන්පැන්තෝ එය කියවා තම මුඩුබිම කැනීම් කරල මැණික් සොයාගෙන ධනවතෙන් වුනෙ අන්න එහෙමයි.
නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර කතාවකි)