Thursday, March 28, 2024
Follow Us
???? ??? නෞකාව

ඔයේ මැද තියෙන්නේ ලෝකේ ලොකුම නැව ඒ කියන්නේ පසුගියදා දියත් කරපු ලොකුම කන්ටේනර් නෞකාව - ???? ???..!


මම ගත්ත පොටෝ කීපයක් මුලින්ම තියෙන්නේ..!
පහත සටහන කියවන්න..
කොළඹ වරාය (???? ?? ??????? - ?? ???) ගැන මේ දවස්වල ලෝකෙම කතා කරනවා. මොකක්ද මේකට හේතුව කියල දැන් කවුරුත් හිතනවා ඇති. හරි මං කියන්නම්.
ලෝකයේ විශාලතම බහාලුම් නෞකාව ඒ කියන්නෙ ???? ??? නෞකාව හෙට (ඔක්.5) කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි. මෙතන ඔබ නොදන්න කාරණය තමයි Ever Ace නෞකාව හසුරුවන්න හැම වරායකටම පුලුවන්කමක් නෑ.
ලෝකෙ වරායවල් 825ක් අතුරින් ???? ??? නෞකාව හසුරුවන්න පුලුවන් වරායවල් ලෝකෙටම තියෙන්නෙ 24ක් විතරයි. දකුණු ආසියාවට තියෙන්නෙ එකම වරායක් විතරයි. ඒ තමයි අපේ කොළඹ වරාය. ආඩම්බරයි නේද ?
ඉතින් අපේ වගේ කුහුඹු රටකට කොළඹ වරාය කියන්නෙම මොනතරම් යෝධ ආශිර්වාදයක්ද කියල දැන් තේරෙනවනෙ. ඒ නිසයි කොළඹ වරායට අවැඩක් වෙන සහ එය රටට අහිමි කරන්නට යන හැම අවස්ථාවකම, පවතින රජයට පවා එරෙහිව යමින් වරාය වෙනුවෙන් පෙළගැහෙන්නෙ..
නිකමට හිතන්න අපේ වරාය තව සංවර්ධන කරල ගත්තොත් ලංකාව සිංගප්පූරුවක් කරන මහ කජ්ජක්ද කියලා..
???? ??? නෞකාව ගැන සරලව කිව්වොත් මීටර 400ක දිගකින් හා මීටර 61.5ක පළලකින් සමන්විත මේ නෞකාව දැනට ලෝකයේ තිබෙන විශාලතම බහාලුම් නෞකාව (Container Ship) ලෙසයි පිළිගැනෙන්නෙ. මෙහි වේගය පැයට නාවුක සැතපුම් 22.6ක් වන අතර ධාරිතාව TEU බහාලුම් 23,992ක් වේ.
දකුණු කොරියාවේ විශාලතම නැව් නිෂ්පාදන සමාගමක් වන් ??????? ????? ?????????? සහ චීන සමූහාණ්ඩුවට අයත් රාජ්‍ය නැව් සංස්ථාවක් වන China State Shipbuilding Corporation විසින් මේ වසරේදී නිපැදවූ ???? ??? නෞකාවේ අයිතිකරු වන්නේ තායිවානයේ නැව් සමාගමක් වන ????????? ?????? ආයතනයයි.
ඇත්ත වශයෙන්ම ???? ??? යනු Evergreen Marine ආයතනය සතුව ඇති ????????? ? පංතියේ නෞකා 12න් විශාලතම නෞකාව වේ. නෞකා 12න් හයක් චීන සමාගම විසින්ද හයක් කොරියානු සමාගම විසින්ද නිපදවා තිබේ.
විශේෂම කාරණය මෙම නෞකා 12ම ලෝකයේ විශාලතම බහාලුම් නෞකා අතරට ගැනීමයි. එමෙන්ම ????????? ?????? ආයතනය සතුව බහාලුම් නෞකා 150කට අධික සංඛ්‍යාවක් ඇත. ලෝ පුරාම බහාලුම් සේවය සපයන ????????? ?????? ආයතනයේ වාර්ෂික මෙහෙයුම් ලාභය තායිවාන් ඩොලර් (NTD) බිලියන 170 ඉක්මවයි.
|චතුර රුවන් වීරක්කොඩි