Friday, April 19, 2024
Follow Us
ආහාර අහිමි වීම හා ආහාර අපතේ යාම පිළිබඳ දැනුවත් වීමේ ජාත්‍යන්තර දිනය

ආහාර අපතේ යාම ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පවතින විශාල අභියෝගයකි.ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනාවරණය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 7,000 ක් පමණ ජනනය කෙරෙන අතර ඉන් 65- 66% ක් පමණ දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වේ.


ඒ අනුව දිනකට ජනනය වන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 3,963ක් පමණ වේ යයි ගණනය කර ඇත. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය හා සැපයුම් දාමය තුළ සහ ආහාර ගබඩා කිරීම, ආහාර සකස් කිරීම හා පරිභෝජනය යන සෑම අවස්ථාවක දීම මෙවැනි ආහාර අපතේ යාම් සිදු වනු දැක ගත හැකිය.
වඟකීම සහගත පරිභෝජනය තිරසර සංවර්ධනයේ එක් ප්‍රබල පැතිකඩකි. එය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට, දරිද්‍රතාවය අවම කිරීමට සහ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම හරහා දේශගුණික විපර්යාස අවම කිරීම කෙරෙහිද විශාල දායකත්වයක් ලබා දේ.
ශ්‍රී ලංකාවේ ද මේ වන විට තිරසර පරිභෝජනය තහවුරු කිරීම සඳහා තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර ඇත. තවද, ගෘහස්ථ, ආහාර සේවා, සිල්ලර හා තොඟ වෙළදාමේ දි ආහාර නාස්තිය වැළක්වීම හා අවම කිරීමේ මාර්ග සිතියම ද එළිදක්වා ඇත. එම සැලසුම් ක්‍රියාවට නැංවීම හරහා වසර 2030 වන විට ආහාර අපතේ යාම අඩකින් අඩු කිරීම සඳහා වගකිවයුතු පුරවැසියකු ලෙස ඔබත්, රටක් ලෙස අපි සියලු දෙනාත් එක්ව කටයුතු කරමු.

Sustainable Development Council of Sri Lanka