Friday, April 26, 2024
Follow Us
Jean Paul Belmondo

සැප්තැම්බර් හය වෙනිදා දහවල් එකට පමණ ප්‍රංශයේ සුප්‍රකට නළුවකු වූ "ජෝන් පෝල් බෙල්මෙන්ඩෝ"සුව පහසු ලෙස ජීවිත ගමනින් සමුගත්තේය.


ප්‍රංශයේ ප්‍රධානම රූපවාහිණී නාලිකාවක් වූ TF1 නාලිකාවේ රාත්‍රී අටට ඉදිරිපත් කරන විකාශය මුළු මනින්ම වෙන් කරන ලද්දේ මේ තාරකාව පිළිබඳ විස්තර කිරීමටය.
එය නොවැරදීම විනාඩි හතලිස් පහකටත් තරමක් වැඩි කාලයක් ඒ සඳහාම වෙන්කරන ලදී.ප්‍රධාන නාලිකාවක ප්‍රවෘත්ති කාලය මෙසේ එක් පුද්ගලයකු වෙනුවෙන්ම වෙන්වනවා මා මීට කලින් දැක නැත.
මෙය බලාසිටියදී මට සිහියට නැගුනේම රටක කලා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුට මේ තරම් වටිනාකමක් දීම අපේ රටේ ද මිනිසුන්වද දැනුවත් කල යුතු බවයි.
යුරෝපීය රටවල් ශිෂ්ඨාචාරයෙන් කොයි තරම් ඉදිරියෙන් සිටින්නේද යන්න මෙයින් ගම්‍ය වන කරුණකි.
සංස්කෘතිය යනු " pattren of life" යැයි මම අසා ඇත්තෙමි.
ඒ අනුව ජන ජීවිතය ආශාක්ත කරන්නාවූ සංගීතය, සිනමාව හා නාට්‍ය කලාවට අපේ රටවල ඇත්තේ කවර ස්ථානයක්ද?
ජීවතුන් අතර සිටියදී පමණක් නොව මරණයෙන් පසුවද කලා ශිල්පීන්ට අපාය ඉල්ලා සිටින සමාජයක කවර සංස්කෘතියක්ද?
මුළු ප්‍රවෘත්ති ප්‍රකාශනයම ඒ සඳහා වැය කිරීමෙන් නොනැවතී නවයයි කාලේ සිට ජෝන් පෝල් බෙල්මෙන්ඩෝ ගේ චිත්‍රපටියක් එම නාලිකාවේම ප්‍රදර්ශනය වූ අතර එය අවසාන වූ පසුවද ඔහුගේ පුතා විසින් මියයාමට ආසන්න කාලයේ පියා පිලිබඳව කල විචිත්‍ර වැඩ සටහනක් ප්‍රචාරය කරන ලදී.
යුරෝපයේ වෙලාවෙන් අද හත්වැනිදා උදෑසන එක හමාර පමණ වනතුරු එය ප්‍රදර්ශනය විය.
අප තේරුම් ගත් යුත්තේ කුමක්ද?
රටක සංස්කෘතිය කියමින් ගතානුගතික, වැඩවසම්, යල්පිනූ, කේන්දර බලන,අසනීපයකට බෙහෙත් නොගෙන නූල් බඳින, උදේ පාන්දර මරු සිටින දිශාව බැලීම වැනි පසුගාමි ලක්ෂණ වලට ප්‍රධාන මාධ්‍යවල ඉඩ දී තිබීම කොයි තරම් ඛේදජනකද?
අද කවුරුත් දන්නා පරිදි ප්‍රංශය " ලෝකයේ සංස්කෘතික කේන්ද්‍රස්ථානය" ලෙස පිලිගැනීමට භාජනය වී ඇත්තේ මේ ශිෂ්ඨාචාරයේ ජයග්‍රහණ අත්පත් කරගන්නා සමාජයක් බිහිවී තිබිම නිසාය.
අඩු ගණනේ අපේ කලා කෙත පෝෂණය කරන ජීවතුන් අතර සිටින කලා කරුවන් ගැන හැම මිනිසෙකුගේම අවධානය යොමුවිය යුතුය.
(නම් ගම් කීපයක් මතකයට ආවත් නම් දෙකක් පමණක් සඳහන් කරමි.ඒ ලූෂන් බුලත්සිංහල හා වික්ටර් රත්නායක වැනි අසාමාන්‍ය හැකියාවන් ඇති මිනිසුන් ය.)
රටක ජනතාවට රසාස්වාදය සැපයීමට හැම කෙනෙකුටම හැකියාවක් නැත.
කලා කරුවන් වටින්නේ ඒ නිසාය.

Chula Samarasinghe