Friday, April 26, 2024
Follow Us
නිල් අහස් තලයක් සඳහා පිරිසිදු වාතාශ්‍රය - "සෞඛ්‍ය සම්පන්න වාතාශ්‍රය, සෞඛ්‍ය සම්පන්න ලෝකයක්"

මිනිසාගේ මෙන්ම මිහිතලයේ පැවැත්ම සඳහා ගුණාත්මක වාතාශ්‍රය ඉතා අත්‍යවශ්‍ය වේ. කාර්මීකරණය හා සෙසු ආර්ථික සාධක මත වාතය, ජලය මෙන්ම පස ද ක්‍රමයෙන් දූෂිත වෙමින් පවතී. මේ හේතුවෙන් සෑම වසරකම ලොව පුරා මිලියන 07 ට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා මඟින් පෙන්වා දී ඇත. ලෝකයේ සෑම 10කු අතරින් 09කු ම දුෂිත වාතාශ්‍රය ආශ්වාස කරන බව ද පෙන්වා දී ඇත.


මානව සෞඛ්‍ය කෙරෙහි මෙන්ම පෘතුවියේ සෞඛ්‍ය රදා පවතින පරිසර පද්ධති, ජෛව විවිධත්වය හා දේශගුණික තත්ත්වයන් කෙරෙහි ද දුෂිත වාතාශ්‍රය ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරයි. තිරසර සංවර්ධනය උදෙසා මානව සෞඛ්‍ය හා ගෝලීය සෞඛ්‍ය එක ලෙස වැදගත් වේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙය වඩාත් පැහැදිලි වූ කරුණකි. සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් මානව සම්පතක් හා නිරෝගිමත් ගෝලීය පරිසරයක් යන දෙඅංශයම සංකලනය වූ විට කිසිවකු මඟ නොහැරෙන ආර්ථික, සමාජයීය හා භෞතික දියුණුවක් තුළින් අපේක්ෂිත තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාආත් කර ගැනීම ඉතා පහසු වනු ඇත.

(Sustainable Development Council of Sri Lanka)