Wednesday, April 24, 2024
Follow Us
කඳුකර එළුවා

පහත ඡායාරූපයේ මගේ සිත් ගත් එක් දෙයක් තියෙනවා.


ඡායාරූපයේ ඉන්න කඳුකර එළුවා පොඩි වැරදීමකින් වුනත් පහළට වැටිලා මැරෙන්න පුලුවන් බව දැනගෙන ඉදිරියට තියපු පිම්ම නෙමේ මගේ සිත් ගත්තේ.
ඒ වගේ පිම්මක් අරගන්න කොතරම් විශ්වාසයක් අවශ්‍ය ද කියන කාරණාවත් නෙමේ..!
මේ සතාගේ ඇස් දෙක තියෙන්නේ එක එල්ලේ එක අරමුණක - තමන්ගේ අවසාන ගමනාන්තය තුල.
වැටිලා මැරෙයි කියලා හිතලා ඌ පහළ බලලා බයවෙන්නේ නැහැ.
මේ හැර වෙන මාර්ගයක් නැති ද කියලා හිතලා තමන් අරගත්තු තීරණය ගැන දුක්වෙලා පිටුපස බලන්නෙත් නැහැ.
ඌගේ අවධානය තියෙන්නේ එක දෙයක් මත - බෑවුමෙන් එහා පැත්ත
අපිටත් සමහර කාල වල දී මේ වගේ දිගු පිම්මක් අරගන්න වෙනවා. මේක එක් දෙයකට ලඝු කරන්න බැහැ. විවිධ දේවල් වල දී මේ පිම්ම අරගන්න වෙනවා.
අපි සමහර වෙලාවට දින සති මාස අවුරුදු ගණන් පහළ බලනවා වැරදුනොත් මොනවා වෙයිද කියලා...
පිටුපස බලනවා..
වෙන මාර්ගයක් තියෙනවා ද කියලා දෙපස බලනවා...
නමුත් ඔබ පිම්මක් අරගන්න හිතනවා නම් පසුපස හෝ දෙපස හෝ පහළ හෝ නොබලා සම්පූර්ණ අවධානය ඉදිරියට ලබාදෙන්න.
අවසානයේ දී ඒ පිම්ම වටිනා සන්ධිස්ථානයක් වේවි.
'දෙසිත් නැතිව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොරව ඉදිරිය බලා යන්න' හිතෝපදේශ 4:25
ඔබට සුබ දවසක්..!

(Facebook)